- මාස නවයකට අධික කාලයක් තිස්සේ විදුලිය බලමණ්ඩලය සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල
- විදුලිය මිලදී ගැනීම සීමාකරලාතරගකාරී ලංසු තැබීමේ ක්‍රමයකට යාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කර්මාන්තයෙන් ඉවත් කිරීමට එය හේතුවක්
- ආදායම් අඩුවීමෙන් ආයෝජකයන්ට ණය වාරික ගෙවීමට නොහැකි තත්වයක්
විදුලියබල මණ්ඩලයේ අත්තනෝමතික විදුලි කප්පාදුව සහ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇතැයි ජාලගත සූර්ය විදුලිබල ප්‍රවර්ධකයන්ගේ සංවිධානය සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් ක්‍රියාකලාපය සහ යෝජිත නව ජාතික විදුලිබල ප්‍රතිපත්තිය (2025) හේතුවෙන් මෙම මුළු කර්මාන්තයම බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බවද ජාතික පද්ධතියට පිරිසුදු බලශක්තිය මෙගාවොට් 3300ක පමණ ධාරිතාවක් සපයන සංවර්ධකයෝ අවධාරණය කරති.
අත්තනෝමතික ලෙස විදුලිය මිලදී ගැනීම සීමා කිරීම (Curtailment) හේතුවෙන් කර්මාන්තයට සිදුවී ඇති ඇස්තමේන්තුගත පාඩුව රුපියල් බිලියන දෙකකට ආසන්න බවද ජාලගත සූර්ය විදුලිබල ප්‍රවර්ධකයන්ගේ සංවිධානය සඳහන් කරයි. මාස නවයකට අධික කාලයක් තිස්සේ විදුලිය බලමණ්ඩලය සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල විදුලිය මිලදී ගැනීම සීමාකර ඇති බවත් මෙය විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වල (PPA) සඳහන් “Must Run” (අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු) කොන්දේසි උල්ලංඝණය කිරීමක් බවත් එම සංවිධානය පෙන්න්දෙයි.
බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය සහ මුදල් අමාත්‍යාංශයේ බදු සහන ලැබී තිබියදීත් විදුලිබල මණ්ඩලය එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවටද එම සංවිධානය චෝදනා කරයි.
යෝජිත 2025 නව ප්‍රතිපත්තියෙන් “Feed-in Tariff” (FIT) ක්‍රමය අහෝසි කිරීමට සැරසෙන බව සඳහන් කරන ජාලගත සූර්ය විදුලිබල ප්‍රවර්ධකයන්ගේ සංවිධානය තරගකාරී ලංසු තැබීමේ ක්‍රමයකට යාමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කර්මාන්තයෙන් ඉවත් කිරීමට එය හේතුවනු ඇති බවද පෙන්නා දෙයි.
ආදායම් අඩුවීම හේතුවෙන් ආයෝජකයන්ට ණය වාරික ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් මෙය අනාගතයේදී බැංකු පද්ධතිය තුළ අක්‍රීය ණය (NPL) අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු විය හැකි බවත් ජාලගත සූර්ය විදුලිබල ප්‍රවර්ධකයන්ගේ සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd