ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ 22 වැනි මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර, එහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. ඔහු ගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලාංකීය ඇඟලු‍ම් ක්ෂේත්‍රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත. 
මීට ඉහතදී ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ හිටපු සභාපතිවරයා වූ සයිෆුඩීන් ජැෆර්ජි මහතා ගෝලීය හා දේශීය වශයෙන් ඇති වූ අභියෝග, වෙනස් වෙමින් පවතින වෙළෙඳ ගතිකයන්, නියාමන පීඩනයන් සහ කාලගුණික වෙනස්වීම් සම්බන්ධිත බාධා වැනි කරුණු විසින් හැඩගැස්වුණු තත්වයක් මධ්‍යයේ සිය ධූරයේ වගකීම් ප්‍රශස්ත ලෙස ඉටු කිරීමෙන් අනතුරුව ඔහුගේ ධූර කාලය අවසන් වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. 
ඔහුගේ ධූර කාලය පිළිබඳව අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා මෙසේ පැවසීය. “මෙම ක්ෂේත්‍රය විවිධ අභියෝග සහ අවිනිෂ්චිත තත්වයන් යටතේ සිය ඔරොත්තුදීමේ හැකියාව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. අභිනවයෙන් තේරී පත් වන සභාපතිවරයා ද පෙරට වඩා හොඳින් හා ශක්තිමත්ව කටයුතු කරමින් තරගකාරීත්වය, වෙළෙඳපොළ ප්‍රවේශය සහ දිගුකාලීන තිරසාරබව පිළිබඳව සිය උපදේශාත්මක මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ සාමූහික අභීප්‍රායන් ප්‍රශස්ත ලෙස ඉටුකරනු ඇති බව මගේ විශ්වාසයයි.” 
අභිනව සභාපතිධුරය භාර ගනිමින් ඒකාබද්ධ ඇඟලු‍ම් සංසදයේ නව සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා මහා සභා රැස්වීමට සහභාගී වූ සියලු‍ සාමාජිකයන්ට සිය කෘතඥතාව පළ කළ අතර, සිය ධූර කාලය තුළ කිරීමට අපේක්ෂා කරන ප්‍රමුඛතා පිළිබඳව පැහැදිලි කළේය. 
“රටක් ලෙසත් කර්මාන්තයක් ලෙසත් ඉතාම තීරණාත්මක අවස්ථාවක මෙවැනි භාරධූර වගකීමක් දැරීමට හැකි වීම මා ලද භාග්‍යක් කොට සලකනවා. ඇඟලු‍ම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංගමයෙහි නායකත්වය දැරීම යනු සේවයකට ඔබ්බෙන් පවතින අදාළත්වය සහ ජාතික අපනයනය ශක්තිමත් කරන ප්‍රතිඵල ළඟා කරගැනීමේ උදාර වෑයමක් බව මගේ හැඟීමයි.” යනුවෙන් පැවසීය.
 කර්මාන්තය තුළ අඛණ්ඩව සිදු වන වෙනස්වීම පිළිබඳව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. “මෙරට ඇඟලු‍ම් ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම ගෝලීය තරගකාරීත්වය මුහුණදිය යුතු අතර, මේ තත්වය මුහුණ දී සඳහා සුදුසු නම්‍යශීලී බවත් සහ ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාත්මක විය යුතුයි. ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය මේ කරුණට අදාළව ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අනෙක් පාර්ෂවකරුවන් සමග සමීපව තවදුරටත් කටයුතු කරනු ඇති අතර, තිරසර බව, සහ දිගු කාලීන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි.”
ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඔමේගා ලයින් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හොබවනු ලබයි. නිෂ්පාදන ක්ෂේත්‍රයේ 35 වසරකට අධික අත්දැකීම් සහිත ඔහු ආසන්න වශයෙන් දශක 3ක් පමණ ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ කටයුතු කරයි. ඔමේගා ලයින් ආයතනය මෙරට ප්‍රම්‍රඛතම ඇඟලු‍ම් නිෂ්පාදන සමාගමක් බවට පත් කිරීම සඳහා ෆීලික්ස් ප්‍රනාන්දු මහතා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති අතර, මේ වන විට සේවකයන් 15,000කගේ පමණ සේවය කරන සහ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිත කර්මාන්තශාලා රැසකින් සපිරි ඇඟලු‍ම් නිෂ්පාදන ජාලයක් ලෙස ව්‍යාප්ති වී ඇත. ඒක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ ශාස්ත්‍රීය සාමාජිකත්වයත්, සහතිකලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකරණ වෘත්තීය ආයතනයේ ශාස්ත්‍රීය සමාජිකත්වය ද ඔහු විසින් හිමිකර ගෙන ඇත. මීට අමතරව ඔහු හාවඩ් ව්‍යාපාරික පාසලෙන් , පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් මෙන්ම සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් සහ ජපානයේ ‍AOTS ආයතනයෙන් ලබා ගත් ජාත්‍යන්තර අත්දෑකීම් සිය ධූර කාලයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා භාවිත කරනු ඇත. ඇඟලු‍ම් අපනයනය සහ තරගකාරීත්වයට අදාළ ප්‍රතිපත්ති සංවාදයන්හි ඉදිරි පෙළ නායකත්වයක් ද ඔහු විසින් උසුලනු ලැබීය. 
ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයෙහි 2026 විධායක කමිටු රැස්වීම් ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වෙනු ඇති අතර, උපසභාපතිවරු ලෙස අරුන් හයිඩ්‍රාමනි, සහ හේමන්ත පෙරේරා කටයුතු කරනු ඇත. යොහාන් ලෝරන්ස් මහතා සංගමයේ මහලේකම් දූරයෙහි තවදුරටත් කටයුතු කරන අතර විධායක කමිටු සාමාජිකයන් ලෙස හිටපු සභාපති සයිෆ් ජැෆර්ජී, ශෙරාඩ් අමලින්, ඒ සුකුමාරන්, නොයෙල් ප්‍රියතිලක, අසීම් ඉස්මයිල්, සහ අශ්රොෆ් ඔමාර් යන මහත්වරුන් සිය අත්දැකීම් තවදුරටත් ලබා දෙනු ඇත. 
ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයට අයත් ඒහි සංගම් නියෝජනයන් ලෙස හුස්නි සලේ මහතා Fabric and Apparel Accessory Manufacturers Association සඳහා ද ධම්මික ප්‍රනාන්දු මහතා නිදහස් වෙළෙඳ කලාප අපනයනකරුවන්ගේ සංගමය සඳහා ද, ශ්‍රී ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමය සඳහා රජිතා ජයසූරිය මහත්මිය ද, Sri Lanka Apparel Sourcing Association සඳහා විල්හෙලම් එලියාස් මහතාද, ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ මණ්ඩලය වෙනුවෙන් හේමන්ත පෙරේරා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ඒකාබද්ධ ඇඟලු‍ම් සංසද සංගමයේ විධායක කමිටුව සඳහා මහේෂ් හයිඩ්‍රාමනී, අජිත් විජේසේකර, ජැෆර් සත්තාර්, අනිස් සත්තාර්, රෙහාන් ලකානි, මහීකා වීරකෝන්, සහ ඉන්දික ලියහේවගේ යන මහත්ම මහත්මීන් පත්වූහ.