භානුක අමරසිංහ 


නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 15ක් වටිනා ණයකරය වෙත අපේක්ෂිත ජාතික දිගුකාලීන BBB+   (EXP) ශ්‍රේණියක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. 

මෙම ණයකර නිකුතුව රුපියල් වටිනාකමින් යුත් බාසෙල්  III  අනුකූල, උපප්‍රධාන, සුරක්ෂිත නොවූ ණයකරයක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ. වසර පහකින්, හතකින් සහ දහයකින් කල් පිරෙන මෙම ණයකරය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටද සැලසුම වී තිබේ. 

මෙම ණයකරය හරහා රැස් කරගන්නා මුදල් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අදියර 2 ප්‍රාග්ධනය තවදුරටත් ශක්තිමත් කරගැනීමට සහ සිය ණය පොත තවදුරටත් පුළුල් කරගැනීම සඳහා මෙන්ම ශේෂ පත්‍රයේ පවතින කල්පිරීමේ නොගැළපීම් අඩු කරගැනීමටත් යොදා ගන්නා බව බැංකුව සඳහන් කර තිබේ.