
මේ දිනවල බිස්නස් ගැන කිවුවොත් භාණ්ඩවල මිල වැඩිවීමවත්, පාරිභෝගිකරින් අතේ මුදල් නොමැතිවීමත් නෙමෙයි බිස්නස් අඩුවෙන්න බලපෑවේ. පසුගිය මාස දෙක තුළ රටක් විදිහට මුහුණදීමට සිදුවුණ ආපදා තත්වයත් එකක් මෙදා සැරේ සීසන් එකේ බිස්නස් අඩුවෙන්න ප්‍රධානවම බලපෑවා.
දෙවැනි හරස් වීදියේ Nirosha Textile වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික
නිලංග කලන්සූරිය
කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ රෙදිපිළි මිලදී ගැනීමට ය. එහෙත් පසුකාලීනව එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘතවීමත් සමග ය. එය කෙසේ වුවද තවමත් පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමට අඟුල් දැමීමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයේ රැකියාවට පැමිණි පිරිස් ගම්දනව් වෙත යෑමට මත්තෙන් පිටකොටුව බස් නැවතුමට, එසේත් නැත්නම් කොටුව ඉස්ටේෂමට පැමිණීම නිසා නැදෑ හිතමිතුරන්ට අතේ ඇති මුදලට ඇඳුමක් මිලදී ගැනීමට හැකි වෙළෙඳපොළක් පිටකොටුවෙහි නිර්මාණය වී තිබීම නිසාවෙනි.
මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට පිටකොටුවට ගිය ගමනේ දී අප ගොඩවැදුණේ දෙවැනි හරස් වීදියේ Nirosha Textile වෙළෙඳ ආයතනය වෙතටයි. එහි ව්‍යාපාරික නිලංග කලන්සූරිය මහතා මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ වතාවේ සීසන් එක ගැන කතා කරලා වැඩක් නැහැ. සීසන් එක ගැන බලාපොරොත්තු ඇතිව වෙළෙඳපොළට භාණ්ඩ නිකුත් කළාට සැලකිය යුතු මට්ටමක බිස්නස් එකක් කරගන්න හැකි වුණේ නැහැ. මෙදා පාර සියයට හැත්තෑ පහකින් බිස්නස් කඩා වැටිලා තියෙන්නේ.
Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි වසර තිස්දෙකක් කාලයක සිට මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. වෙළෙඳ සහයකයෝ හතරදෙනෙක් අප ආයතනයේ සේවය කරනවා. චීනයෙන් ආනයනය කරන හිස් වැසුම් සහ දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගන්න හිස් වැසුම් තොග සහ සිල්ලර කියන දෙයංශයෙන්ම පාරිභෝගිකයන්ට අප ආයතනයෙන් මිලදී ගැනීමට අවස්ථාව තියෙනවා.
මේ දිනවල බිස්නස් ගැන කිවුවොත් භාණ්ඩවල මිල වැඩිවීමවත්, පාරිභෝගිකයෝ අතේ මුදල් නොමැතිවීම නෙමෙයි බිස්නස් අඩුවෙන්න බලපෑවේ. පසුගිය මාස දෙක තුළ රටක් විදිහට මුහුණදීමට සිදුවුණ ආපදා තත්වයත් එකක් මෙදා සැරේ සීසන් එකේ බිස්නස් අඩුවෙන්න ප්‍රධානවම බලපෑවා.
සාමාන්‍යයෙන් දුර පළාත්වල ව්‍යාපාරිකයන් නොවැම්බර් අග සතියේ වගේ ඇවිත් සීසන් එකට අවශ්‍ය කරන බඩු අරගෙන යන්නේ. මෙදා සැරේ ආපදා එක්ක මාර්ගවලට දැඩි හානි සිදුවීමත් මාර්ග අවහිරවීමත් එක්ක ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන භාණ්ඩ ගන්නත් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන භාණ්ඩ මිලදී ගන්න නොහැකි වුණා.
එහෙත් සුළු ව්‍යාපාරිකයන් නැවත වරක් සිය ව්‍යාපාර කටයුතු පෙර පරිදි ගොඩනගා ගැනීමට උත්සහ කරන නිසා දුර පළාත්වලින් වසර ගණනාවක සිට අප සමග ගනුදෙනු කළ පිරිස භාණ්ඩ රැගෙන යන්න පැමිණෙනවා. එළඹෙන සිංහල අලුත් අවුරුදු සීසන් එකත් එක්ක නැවත වරක් ව්‍යාපාරවල යම් සාධනීය වෙනසක් සිදුවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd