නව අනුමැතියෙන් ගුවන් සමාගමට සහතික කරන ලද සිමියුලේටර් පද්ධතිය භාවිතයෙන් එයාර්බස් A320 නියමු පුහුණුව ලබා දීමට අවසර ලැබේ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් අනුමත පුහුණු ආයතනයක් (ATO) වශයෙන් FitsAir ගුවන් සමාගම, නිල වශයෙන් සහතික කර තිබේ. ඒ අනුව එයාර්බස් A320 වර්ගයේ ගුවන් නියමු පුහුණුවක්, අභ්‍යන්තරව පැවැත්වීමට FitsAir ගුවන් සමාගමට අනුමැතිය හිමි වී ඇත.
මෙම වැදගත් සහතිකයෙන් FitsAir ගුවන් සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි ගුවන් සේවා පුහුණු ප්‍රමිතීන්ට අනුකූල වන බවට තහවුරු කරමින්, පුළුල් පරාසයකින් යුත් නියමු පුහුණු වැඩසටහන් පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත. මෙම අනුමැතිය යටතේ, FitsAir සමාගමට ආධුනික නියමු සහ කනිෂ්ඨ පළමු නිලධාරී මූලික පුහුණුව, වත්මන් සහ වත්මන් නොවන ගුවන් නියමුවන් සඳහා A320 ගුවන් යානා පරිවර්තනය සහ සුදුසුකම් වැඩසටහන්, A330/A320 හරස් කාර්ය මණ්ඩල සුදුසුකම්, ගුවන් සමාගමේ සහතික ලත් පියාසැරි උපදේශකයන්ගේ දක්ෂතා සහ පුහුණු හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා TRI/SFI පුහුණුව මෙන්ම A320 බලපත්‍ර නැවත වලංගු කිරීමේ සහ අලුත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අවසර හිමිව ඇත. මෙම සියලුම පුහුණුවීම් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමත එයාර්බස් A320 සිමියුලේටර් පද්ධතිය (FSTDs) භාවිතයෙන් පවත්වනු ලබන අතර, ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූල උසස් මට්ටමේ නියාමන උපදෙස් සහතික කරමින් ක්‍රියාත්මක කෙරේ.
මෙම සහතිකය FitsAir හි මෙහෙයුම් සහ මානව ප්‍රාග්ධන සංවර්ධන උපාය මාර්ගයේ වැදගත් පියරවක් සනිටුහන් කරනු ලබයි. ඒ ඔස්සේ නියමු පුහුණු වැඩසටහන්හි උසස් පාලනයක්, කාර්යක්ෂමතාවක් සහ අනුකූලතාවක් පවත්වා ගැනීමටත්, විදේශීය පුහුණු පහසුකම් මත යැපීම අඩු කිරීමටත් මෙන්ම ශ්‍රී ලංකාවේ ගුවන් සේවා විශේෂඥතාවේ දිගුකාලීන වර්ධනයට සහාය වීමටත් හැකියාව ලැබෙනු ඇත.
”අප විසින් අත්පත් කරගත් මෙම අනුමැතිය, අපගේ නියමු පුහුණු වැඩසටහන්හි සැලකිය යුතු ප්‍රගතියක් මෙන්ම සහ ව්‍යාපාරය වර්ධනය කිරීමේ හැකියාවක් සනිටුහන් කරන බව FitsAir ගුවන් සමාගෙම් විධායක අධ්‍යක්ෂ Ammar Kassim පැවසීය. උසස් තත්වයේ මෙහෙයුම් ප්‍රමිතීන් පවත්වා ගනිමින්, ගුවන් නියමුවන් වීමට සිහින දකින ශ්‍රී ලාංකිකයන්ට සහාය වීමට අපි කැප වී සිටින්නෙමු. එයාර්බස් A320 වර්ගයේ පුහුණුව අභ්‍යන්තරික වශයෙන් ලබා දීමෙන්, අපට උසස් තත්වයේ පුහුණුවක්, වැඩි නම්‍යශීලීභාවයක් සැපයීමට අපට හැකි වන අතර, දක්ෂ නියමුවන්ගෙන් සමන්විත ශක්තිමත් සංචිතයක් වර්ධනය කිරීමට ද අවස්ථාව ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd