කෝච්චියේ ටිකට් මහත්තයා සල්ලි එක්ක තරහ වෙලා
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිටුපස දොරටුවේ ඇති ටිකට් කවුන්ටරය වෙත පැමිණි මඟියෙකි. දුම්රිය ප්රවේශපත්ර නිකුත් කරන නිලධාරියා පොතක යමක් ලියමින් සිටි අතර ‘මට රාගමට ටිකට් එකක් දෙන්න’ යයි මඟියා පැවැසීය. නිලධාරියා කිසිවක් නෑසුනා සේ තම කාර්යයේ යෙදී සිටී. ‘මහත්තයා මට රාගමට ටිකට් එකක් දෙන්න. කෝච්චිය යන්න ළඟයි.” මඟියා නැවතත් කාරුණිකව පැවැසීය.