(දූනගහ බටේපොල විජයසිරි)
නව වසරේ ළදරු පාසලට පැමිණි දරු දැරියන්ට ගීතයක් ගායනා කරවීමට ළදරු පාසල් ගුරුවරිය කටයුතු කළාය.
“හා... පුතාල දුවල දැන් මාත් එක්ක ලස්සනට කියන්න... ඔන්න... එකායි, දෙකායි... තුනායි... හරි ඔක්කොම කියමු...”
“ලේ කිරි කර දුන් අපෙ අම්මා...” දරුවෝ ගුරුවරිය සමග ගායනා කරති.
එක් දැරියක නිහඬය. “ඇයි දුව කියන්නෙ නැත්තේ? දුවගෙ නම මොකක්ද?” ඇය නම කීවාය. “ඉතින් දුවට ලස්සන නමක් තියෙනවනෙ... හා... දැන් කියන්න...”
“ලේ කිරි කර දුන්..... ඔක්කොම කියනව. ඇයි දුව කියන්නෙ නැත්තේ. ලේ කිරිකර දුන් අපෙ අම්මා...”, “මට බෑ.... මම කියන්නෙ නෑ. අපෙ අම්ම මට ලේ කිරි කරල දුන්නෙ නෑ. අම්ම මට දුන්නෙ පිටිකිරි කරලා...” දැරිය අඬන්නට වූවාය.
පෙර පාසල් ගුරුවරියටද ඇඬුම් ආවාය. ගීත ගායන එතෙනින් නැවතිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd