(දූනගහ බටේපොල විජයසිරි)
නව වසරේ ළදරු පාසලට පැමිණි දරු දැරියන්ට ගීතයක් ගායනා කරවීමට ළදරු පාසල් ගුරුවරිය කටයුතු කළාය.
“හා... පුතාල දුවල දැන් මාත් එක්ක ලස්සනට කියන්න... ඔන්න... එකායි, දෙකායි... තුනායි... හරි ඔක්කොම කියමු...”
“ලේ කිරි කර දුන් අපෙ අම්මා...” දරුවෝ ගුරුවරිය සමග ගායනා කරති.
එක් දැරියක නිහඬය. “ඇයි දුව කියන්නෙ නැත්තේ? දුවගෙ නම මොකක්ද?” ඇය නම කීවාය. “ඉතින් දුවට ලස්සන නමක් තියෙනවනෙ... හා... දැන් කියන්න...”
“ලේ කිරි කර දුන්..... ඔක්කොම කියනව. ඇයි දුව කියන්නෙ නැත්තේ. ලේ කිරිකර දුන් අපෙ අම්මා...”, “මට බෑ.... මම කියන්නෙ නෑ. අපෙ අම්ම මට ලේ කිරි කරල දුන්නෙ නෑ. අම්ම මට දුන්නෙ පිටිකිරි කරලා...” දැරිය අඬන්නට වූවාය.
පෙර පාසල් ගුරුවරියටද ඇඬුම් ආවාය. ගීත ගායන එතෙනින් නැවතිණි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළදරු පාසල් දැරියගේ ගී පද පෙරළිය