IMG-LOGO

හැදිල්ලට තාත්තාත් හොල්මන් වෙලා

(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)

තම කුඩා පුතාට විවිධ දේ ගෙනැවිත් දෙමින් ගණිත හැකියාව දියුණු කිරීමට ගිය පියෙකු මුහුණදුන් අපූරු පුවතක් නිකවැරටියේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තාවිය.

වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුත්‍රයා මහා උගතෙකු කිරීමට මෙම පියා නිතර සිතුවේය. ඒ සඳහා ඔහු විවිධ උපක්‍රම ද යෙදුවේය. දිනක් පියා පුතාට ජිල් බෝල දහයක් ගෙනැවිත් දී මෙසේ කීවේය. “පුතා මෙතන ජිල් බෝල කීයක් තියනවද” දරුවාද ඒවා ඉතා ආශාවෙන් ගණන් කර “දහයයි තාත්තේ” යි පිළිතුරු දුන්නේය.

පුතාගේ පිළිතුර පියාට මහත් සතුටකි. ඔහු තවත් දිනක පුතාට ජිල් බෝල දහයක් ගෙනත් දී මෙසේ කීවේය. “පුතා මෙතන ජිල් බෝල දහයක් මම ඔයාට දෙනවා. පෙරේදත් මම ඔයාට ජිල් බෝල දහයක් ගෙනත් දුන්නා එතකොට ජිල් බෝල විස්සයි. මම දැන් ඔයාගෙන් පහක් ඉල්ලා ගන්නවා. දැන් ඔයා ළඟ කීයක් ඉතුරු තියනවද” මොහොතක් කල්පනා කළ පුත්‍රයා මෙසේ පිළිතුරු දුන්නේය. “දහයයි තාත්තේ” පුතාගේ පිළිතුර වැරදි බව දැනුණු පියාට මහත් දුකක්ද ඇතිවිය.

ඔහු පුතාගෙන් එම ප්‍රශ්නය ඇසූ දෙවරම එම පිළිතුරම ලැබුණි. “නෑ පුතා ඔයා වැරදියි” හරි උත්තරේ පහළවනේ” පියා දරුවාට කීවේය. ගෙතුළට ගිය දරුවා ජිල් බෝල ටික ගෙනැවිත් පියාට පහක් දී මෙසේ කීවේය. “මෙතන දහයයි තියෙන්නේ. පහක් ඉස්කෝලෙන් ළමයි හොරකම් කරගෙන. දැන් හරිනේ තාත්තේ” පුතාගේ ගණිත දැනුම ගැන පියාට හිනාගියේය.



අදහස් (0)

හැදිල්ලට තාත්තාත් හොල්මන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 632 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 765 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 326 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site