IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මිතුරු මුවාවෙන් ගාන කපන්න ගිහින් වැරැදිලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
මෝටර් රථයකින් ගමනක් යමින් සිටි ව්‍යාපාරිකයකුගේ මෝටර් රථයේ හැපුන බීමත් පුද්ගලයකුගේ මුවාවෙන් වාසි ලබා ගැනීමට ගිය පිරිසකට සිදුවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය. 


ව්‍යාපාරිකයා මිතුරකු ද සමඟ මෝටර් රථයකින් ගමනක් යමින් සිටියදී ප්‍රධාන මාර්ගය අද්දර සිටි බීමත් පුද්ගලයකු මෝටර් රථයේ ගැටී ඇත. කලබලයට පත්වූ ව්‍යාපාරිකයා තමාට වූ අලාභය ගැන ද නොසිතා වැටුණු පුද්ගලයා ළඟට දිව ගියේය.


මෝටර් රථයේ ගැටුණ පුද්ගලයාට අමාරුවක් නොමැති බව දැනගත් ව්‍යාපාරිකයා සැනසුම් සුසුමක් හෙලූ නමුත් තම මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හානි විය. ඔහු එය සාදා ගැනීම සඳහා යාමට සැරසුණි.


එහෙත් ඔහුට යන්නට නොලැබුණේ අනතුරට පත් පුද්ගලයා සහ ඔහුගේ බීමත් මිතුරන් පිරිසක් එක්ව ව්‍යාපාරිකයාට යුද්ධ ප්‍රකාශ කර ඔහුගෙන් ගාණක් කපා ගැනීමට උත්සාහ කළ නිසාය. කලබලයට පත් ව්‍යාපාරිකයා පළාතේ පොලිසිය ඇමතීය.


ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු එම ස්ථානයට පැමිණීමත් සමඟ ව්‍යාපාරිකයා සිදුවූ දෙය පොලිස් නිලධාරීන්ට පැවැසීය. පසුව අනතුරට පත් පුද්ගලයා බීමත්ව හොඳටම පදම් වී සිටි නිසා පොලිස් නිලධාරීන් දැක මහත් කලබලයට ද පත්වූයේය. ඔහු බයෙන් ගැහෙන්නට විය.


පසුව අනතුරට පත් පුද්ගලයා පොලිස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයා අමතමින් මෙසේ කියා ඇත.


“මගේ අත වැදුනා කාර් එකේ. සර් මට කිසිම අමාරුවක් නෑ. සර්ලා යන්න.” 


පසුව තම සහායට ආ මිතුරන් දෙසට හැරී මෙසේ කීවේලු.


“මට අමාරුවකුත් නෑ. මට සල්ලිත් එපා. මම බීලත් නෑ. උඹලට ඇයි මොකද වෙන්න ඕනේ.” 


කෝපයට පත් මිතුරන් ඔහුට යුද්ධ ප්‍රකාශ කරද්දී අසල සිටි කාට කාටත් සිනා පහළ විය. 

 



අදහස් (0)

මිතුරු මුවාවෙන් ගාන කපන්න ගිහින් වැරැදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site