(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සමුපකාර ප්‍රාදේශිකයක කාරක සභාව තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය දීමට පැමිණි පුද්ගලයෙකි. කණ්ඩායම් දෙකකට සම්බන්ධ දෙපිරිසක් සමුපකාරය දෙපැත්තට වී තම ගොඩ වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදෙති. තරමක් වියපත් ඔහු එක් කණ්ඩායමක පිරිස් හමුවිය. මගේ නම ඇති අංකය මොකක්ද ඔහු විමසීය.

පිරිස බොහෝ වේලාවක් ලේඛන පිරික්සුවත් ඔහුගේ නම සොයා ගැනීමට නොහැකි විය. මෙදා පාර මගේ නම පොතට වැටිලා නැහැ වගේ කී වියපත් මිනිසා ආපසු හැරුණේ බලාපොරොත්තු සුන් කරගෙනය.
මේ දුටු අනෙක් පිරිසේ ආධාරකරුවෝ වහා ක්‍රියාත්මක වූහ. මාමේ අපිත් ටිකක් බලමු නම තියෙනවාද කියලා ඔවුහු කීහ. ගතවූයේ ටික වේලාවකි. නම හමුවිය. ඔහුගේ නමට හිමි අංකය කොළ කැබැල්ලක සටහන් කළ එම පිරිස එහෙනම් මේ අංක ටිකට මාමාගේ ඡන්දය දාන්න කියා අංක සහිත ලේඛනයක් ද දී ඡන්දපොළට පිටත් කළහ.
ලොව ජයගත් සේ වියපත් මිනිසා ඡන්ද පොළට ගියේය. ටික වේලාවකින් ආපසු ආයේ ජයග්‍රහණයේ සතුට ඇතිවය. පුතාලා නම හොයා දුන් නිසා මට ඡන්දේ දාන්න පුළුවන් වුණා. බොහොම පින් කී ඔහු මම ගෙදරින් එද්දී ඉස්කෝලෙ මහත්තයා අතේ ලියා දුන් අංකවලට තමයි මම ඡන්දේ දැම්මේ කියා සිය වමතේ අල්ල පෙන්වීය.
එහි වූයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ සාමාජික අංක පෙළක් බව දුටු මේ පිරිසට හීන් දාඩිය දැමුවත් අවසානයේ හොඳ හැටි සිනාසී විනෝදයෙන් යුතුව අනෙක් පාර්ශ්වයේ පිරිසට කතා කර “අර ඔයාලට හොයා ගන්න බරිවුණ අංකය අපි මහන්සි වෙලා සොයා දුන්නත් මාමා ඡන්දේ දීලා තියෙන්නේ ඔයාලගේ කණ්ඩායමටයි” කියද්දී දෙපිරිසම සිනාසුණේ වෙන කළ හැකි දෙයක් නැතිවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd