IMG-LOGO

තුවාල වූ මිතුරා පාරේ දමා මැරුණ වල් ඌරා අරන් ත්‍රිරෝද රියේ ගිහින්

(මතුගම බන්දු තඹවිට)
වල් ඌරකු යතුරු පැදියේ ගැටී තුවාල වු මිතුරා නොසලකා එම අනතුරින් මිය ගිය වල් ඌරා තම ත්‍රී රෝද රථයේ පටවාගෙන ගිය අපුරු මිතුරෙකු පිළිබඳව අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.


අගලවත්ත ප්‍රදේශයේ අයකු පසුගිය දිනක අලුයම තම යතුරු පැදියෙන් රැකියාව සඳහා අගලවත්තේ සිට මතුගම දෙසට ගමන් කරමින් සිටියදී යටියන ට ආසන්න ප්‍රදේශයේදී එම යතුරු පැදිය මාර්ගය හරහා ගමන් කළ වල් ඌරෙකු ගැටීම නිසා යතුරු පැදිය ඇද වැටී එම යතුරු පැදිකරු තුවාල ලබා ඇත. එසේම එම අනතුරින් වල් ඌරාද එම ස්ථානයේදීම මියගොස් ඇත.


අලුයම් කාලය නිසා මාර්ගයේ ගමන් කරන්නන් අඩු වීම නිසා තුවාල ලැබූ යතුරු පැදිකරු මාර්ගයේ කිසිවෙකු පැමිණෙන තුරු බලාසිට ඇත්තේ උදවු ලබාගෙන තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. ටික වෙලාවකින් ඈතින් පැමිණෙන ත්‍රී රෝද රථයක්  දැක එය නතර කිරීමට උත්සාහ කිරීමට පෙරම එම ත්‍රී රෝද රථය නතර කර ඇත.


ත්‍රී රෝද රථයේ පැමිණි අය තමාට උපකාර කිරීමට පැමිණෙන  තෙක් බලා සිටියත් එහි පැමිණි අය තුවාල කරු පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා අනතුරින් මියගොස් සිටි වල් ඌරා ළඟට ගොස් එම සිරුර ත්‍රී රෝද රථයට පටවාගෙන පිටත්ව ගොස් ඇත.


සිදුවූ දෙය පිළිබඳව සිතා ගැනීමටත් නොහැකිව සිටි තුවාල කරු මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකින් ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇත. තුවාලවල වේදනාව විඳිමින් එසේ නිවසේ සිටින විට කිසියම් පුද්ගලයෙකු පැමිණ පාර්සලයක් ඔහුට දී අසවල් මිතුරා එම පාර්සලය දුන් බවත් එහි ඇත්තේ වල් ඌරු මස් බවත්, උදැසන ඔහුගේ යතුරු පැදියේ ගැටී මියගිය වල් ඌරාව තමා රැගෙන ගිය බවත්, එම ඌරාගේ මස් වලින් ඔහුගේ කොටස මෙසේ එවූ බවත් පවසා ඇත.


තම මිතුරාට තමාට වඩා වල් ඌරාව ලොකු වීම පිළිබඳව සිහිවී තමා මෙතෙක් කාලයක් මිතුරෙකු ලෙස ආශ්‍රය කර ඇත්තේ වල් ඌරෙකුටත් අන්ත අයෙකු බව නිවැසියන්ට පවසා ඇත.

 



අදහස් (0)

තුවාල වූ මිතුරා පාරේ දමා මැරුණ වල් ඌරා අරන් ත්‍රිරෝද රියේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 631 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 765 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 326 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site