IMG-LOGO

වන ජීවියෙන් යද්දී මියගිය අලියා අතුරුදන්

(ගල්ගමුව නිහාල් ජයවීර)
මියගිය වල් අලියෙකුගේ සිරුරක් සම්බන්ධයෙන්  පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන් යනවිට සිරුර අතුරුදන්වී තිබිමේ සිද්ධියක් ගල්ගමුව  උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබුණි.


 උස්ගලසියඹලාන්ගමුව ප්‍රදේශයේ වනයක මියගිය අලියෙකුගේ සිරුරක් ඇති බවට වනජීවි නිලධාරීන්ට ඉකුත්දා (16) සවස දුරකථන ඇමතුමක් ලැබී තිබේ. කිසියම් අවශ්‍යතාවකට තමා කැලයට යනවිට මේ අලියාගේ සිරුර දුටු බවත් සිරුර තිබෙන ස්ථානය පිළිබඳවත්  ඇමතුම දුන් පුද්ගලයා වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබේ.


 වහා ක්‍රියාත්ම වූ වනජීවි නිලධාරීහු වනයට ඇතුළු වී ඒ හෝඩුවන් ඔස්සේ  මියගිය අලියාගේ සිරුර සොයමින් වනය පීරන්නට වූහ.


පැයක්- හමාරක් වෙහෙසවීමෙන් පසු අලියෙකු නිදා සිටි ස්ථානයක් සොයා ගැනීමට නිලධාරීන්ට  හැකිව තිබේ. “මේ මනුස්සයා දැකලා තියෙන්නේ මැරිච්ච අලියෙක් නෙමෙයි. නිදා ගෙන සිටි අලියෙක් නේ. සතා නැගිටලා යන්න ඇති අපරාදේ කැලේ රිංගුවේ” යි වනජීවි නිලධාරීන්ට කියැවිණි.  

 



අදහස් (0)

වන ජීවියෙන් යද්දී මියගිය අලියා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 631 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 765 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 326 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site