
පාකිස්තානයේ ක්වෙටා නගරයේ මගීන් රැගත් දුම්රියක් ගමන් කරමින් තිබූ දුම්රිය මාර්ගයක් අසල සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් 82 කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි පැවැසෙයි.
පිපිරීමේ ප්‍රබලත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට සහ දුම්රිය මැදිරිවලට දැඩි හානි සිදුවී ඇත. තුවාල ලැබූවන් වහාම ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
ප්‍රහාරයෙන් පසු ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක බබාර් යූසුෆ්සායි ප්‍රකාශ කළේ ක්වෙටා නගරයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම ආරක්ෂක, බුද්ධි සහ සහන සේවා ආයතන වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම ආරක්ෂිත මට්ටමක් වෙත යොමු කර ඇති බවය.
මෙම බෝම්බ පිපිරීමේ වගකීම බලොච් විමුක්ති හමුදාව නමැති සන්නද්ධ කල්ලිය විසින් බාරගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd