IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ගෑනි නැති වුණත් බීම නැතුවනං බෑ

(හාරිස්පත්තුවේ - මොහොමඞ් ආසික්)
තම බිරිය නැති වුණත් මත්පැන් බීමට අවශ්‍ය බව සැමියකු පොලිසියේදී ප්‍රකාශ කිරීමේ සිද්ධියක් පූජාපිටිය පොලිසියේදී කළ පැමිණිලි විභාගයකින් පසුගියදා අසන්නට ලැබිණි.


 පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ඔහු මෙයට මාස හත අටකට පමණ පෙර විවාහ වූ වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙකි. ඔහුගේ බිරියගේ වයස ද අවුරුදු 36 ක් පමණ වේ. විවාහ වීමෙන් පසුව සැමියාගේ නිවසේ පදිංචියට පැමිණ සිටි බිරිඳ නිතරම මුහුණ දුන් ගැටලුවක් නිසා ඇය බොහෝ අපහසුතාවට පත්ව සිටියාය.

එනම් සැමියා නිතරම බීමත්ව සිටීමය. මෙම මත්පැන් බීම නවත්වන ලෙස බිරිඳ සිය සැමියාට කොතෙක් ඉල්ලීම් කළ ද එය ඉටු නොවූ තැන ඇය පොලිසියට ගොස් තම සැමියා නිතරම මත්පැන් පානයට හුරු වී ඇති බැවින් තවදුරටත් ඔහු සමග ජීවත්විය නොහැකි බවත් තමන් තම නිවසට යන බවත් සැමියා මත්පැන් බීම නැවැත්වීමෙන් පසුව නැවත පැමිණෙන බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් කළාය. මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා සැමියා සහ බිරිඳ පොලිසියට කැඳවූ අවස්ථාවේ සැමියා පොලිසියට ප්‍රකාශ කළේ බිරිඳ නැති වුණත් බොන්නේ නැතිව ඉන්න බැරි නිසා බිරිඳ තරහ වී නිවසින් ගිය ද තමන්ට බොන්න ඕන බවයි.


 විවාහ වීමෙන් පසුව තම දරු පවුල සමඟ ජීවත්විය යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරින් කොතෙක් අවවාද දුන්න ද ඒ කිසිවක් පිළිගැනීමට ඔහු එකඟ නොවූ නිසා ඔවුන් දෙදෙනා පොලිසියෙන් පිටත්ව ගියේ විසඳුමක් නොමැතිවය.


කෙසේ නමුත් තම සැමියා කවදා හෝ මත්පැන් බීම අත්හරිනු ඇතැයි බිරිඳ බලාපොරොත්තුවක් ඇතිව පොලිසියෙන් පිටත්ව ගියාය.

 



අදහස් (0)

ගෑනි නැති වුණත් බීම නැතුවනං බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site