(බුලත්සිංහල විශේෂ - ලක්මි කුඩලිගම)
සංගීතය බලා ගෙදර එද්දී මධ්‍යම රාත්‍රියේ කනත්තේ සිට තමා අමතන්නේ භූතයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් අගනුවරට නුදුරු නගරයකින් වාර්තා වෙයි.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
පිටිසරින් අගනුවරට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු මිතුරන් තිදෙනෙකි. සංගීතයට ලැදි මේ මිතුරන් නවාතැන් ගෙන සිටින්නේ එකම බෝඩිං කාමරයකය.
ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වන සංගීත සංදර්ශනයක් ආසන්න නගරයේ එදින රාත්‍රියේ පවත්වන බව එක් මිතුරකු තම අනෙක් මිතුරන් දෙදෙනාට කිවේ එය නැරඹීමට තම කාර්යාලීය මිතුරන් කීප දෙනෙකු ද සහභාගි වන බව පවසමිනි.
මම නම් වැඩි වේලාවක් ඉන්නේ නැහැ හෙට හදිසි වැඩක්. ඒ නිසා මම ඔයාල ගැන බලන්නේ නැහැ. මට හිතුනු ගමන් ආපසු බෝඩිමට යනවා. එක් සගයෙක් කී විට මමත් එහෙමයි නිදිමත වුණ ගමන් යනවා ඔන්න ආයි කියන්නේ නැතිව ගියා කියලා දොස් කියන්න එපා. අනෙක් සගයා ද කීවේ ප්‍රසංගය පැවැති භූමියට බෝඩිම වැඩි ඈතක් නොවූ නිසාය.
ටික වේලාවක් ප්‍රසංගය නැරඹූ එක් සගයෙක් කලින්ම යන්නට ගියේය. මධ්‍යම රාත්‍රියට ආසන්නව අනෙක් සගයා ද පා ගමනින්ම ආවේ තරමක වැසි තත්ත්වයක් ඇති වූ නිසාය. කනත්තක් මැදින් වැටී ඇති මාර්ගයේ කනත්ත ආසන්නයට ළඟා වන විට වැස්ස තදින් කඩා වැටුණි. හොල්මන් අවතාර පිළිබඳ කිසිදු තැකීමක් නොකරන ඔහු කනත්ත මැද පිහිටි සොහොන් ගෙට දුව ගියේ වැස්සෙන් බේරීමටය.
මද වේලාවක් එහි රැදී සිටි ඔහු දුටුවේ වැස්සට තෙමෙමින් වටපිට බලමින් අඩියට දෙකට මාර්ගයේ ගමන් කරන තම අනෙක් මිතුරාය. ඔහු අමතා “මචං තෙමෙන්න එපා අසනීප වෙයි.“ “මෙහෙට වරෙන් වැස්ස පායනකම් මෙතන ඉඳල යන්න පුළුවන්.” කනත්තේ සිටි සගයා හඬ නගා කීය. මේ මහ රෑ කනත්තේ සිට තමා අමතන්නේ භූතයෙකු යැයි සිතූ මිතුරා “බුදු අම්මෝ මට බැරියෝ” කියා මර හඬ දී දුව ගියේය.
වැස්සෙන් පසු කනත්තේ සිටි සගයා ද නවාතැනට යන විටත් අනෙක් මිතුරෝ ඔහු වටකර ගෙන සිටි අතර ඔහුගේ කෑගැසීමේ අඩුවක් ද නොවීය. මචං හරි වැඬේ මෙයා කනත්ත ළඟදී භූතයෙකුට බය වෙලා. මිතුරෙක් කීය. එහෙත් කනත්තේ සිට ඇමතුවේ තමා යැයි කොතරම් පැහැදිලි කළ ද ඒ බය ඇරීමට පසුදින යකදුරෙකුගේ සහාය පැතීමට මිතුරන්ට සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගීතය බලාඑද්දී ‘භූතයෙක්’ නැගිටලා