IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සැමියාත් දුවත් එපා කියා බිරිය 45 විවාහකයා එක්ක ගිහින්

වසර 7ක් ජීවත් වූ 26 හැවිරිදි තම සැමියා හා සිව් හැවිරිදි දියණිය හැර දමා මුහුණ ුපොතෙන් හඳුනා ගත් 45 හැවිරිදි විවාහකයෙකු සමගින් දිවිගෙවීමට ගිය 25 හැවිරිදි එක්දරු මවක පිළිබඳව කිරිඳිවැල පොලිසියෙන් වාර්තා විය.


කලක් පැවති පෙම් සබඳතාවකින් පසුව විවාහ වී වසර හතක කාලයක් සැමියා හා දියණිය සමඟ කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්ව සිටි මෙකී එක්දරු මව ජංගම දුරකතනය ඔස්සේ මුහුණු පොතට අබ්බැහිවීම මෙයට ප්‍රධාන හේතුව බව ඇයගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.


අවස්ථා කිහිපයකදීම හොඳින් මේ ගැන අවවාද කළත් එය නොපිළිගත් ඇය හිටිහැටියේම පැපිලියවල ප්‍රදේශයට පැමිණියේ තම 45 හැවිරිදි මුහුණු පොතේ මිතුරා සොයාගෙනය. දින සති ගණන් ගතවුවත් තම බිරිඳ නොපැමිණි නිසා තම දියණිය මව ගැන නිතර නිතර විමසීමත් නිසා තම බිරිඳ ගැන තොරතුරු සොයා අවසානයේදී සැමියා කිරිඳිවැල පොලිසියට පැමිණිලි කළේය. 


පසුව පොලිසිය දෙපාර්ශවය ගෙන්වා ළමා හා කාන්තා කාර්ය්‍යංශයේදී පැමිණිල්ල විභාග කළේය. තම 45 හැවිරිදි අනියම් සැමියා අත්හල නොහැකි බව කාන්තාව කියා සිටීම නිසා මුල් සැමියා දරුවාද සමගින් කුරුණෑගල බලා කලකිරුණු සිතින් යුත්ව යන්නට ගියේය.
(කිරිදිවැල - උපාලි රණවීර)



අදහස් (1)

සැමියාත් දුවත් එපා කියා බිරිය 45 විවාහකයා එක්ක ගිහින්

කමල් Thursday, 14 March 2019 12:14 PM

මේ කාන්තාව එතකොට වන්දි ගෙවන්නේ නැද්ද? ඔය දේම පිරිමියෙක් එහෙම කරා නම් කාන්තා සංවිධාන එකතුවෙලා ලොකු වන්දියක් මේ ගෑණු කෙනාට අරගෙන දෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site