IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


නිවෙසට පැන්න අමුතු හොරු සී.සී.ටී.වී යෙන් මාට්ටු

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ව්‍යාපාරිකයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.


ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වූ ව්‍යාපාරික පවුල ඇසුරු කළේ ගමේ තෝරාගත් පිරිසක් පමණි. විවිධ ක්‍රම මඟින් ධනය රැස් කිරීම පමණක් සිදුකළ ඔවුන් ගමේ ජනතාවගෙන් ඈත්වීම ඉතා කෙටි කාලයක් තුළදී සිදුවිය. ව්‍යාපාරිකයාගේ පුතා ද ව්‍යාපාරිකයකු වූ අතර ඔහු දේශපාලන උණ හිසටත් ඉහළින් තිබූ අයෙකි.


ව්‍යාපාරික පුතා ළඟදී විවාහ දිවියට එළඹ සිටි අතර විවාහයෙන් පසු සිය සුවිසල් මහල් නිවසේ යුවළ ජීවත් වූහ. එම නිවසේ ආරක්ෂාවට ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවි කිරීමට ව්‍යාපාරික පුතා කටයුතු කළේය.


දිනක් මෙම යුවළ බැහැර ගොස් ගෙදර පැමිණෙන විට නිවසේ බඩු මුට්ටු ඇද දමා ඇතැම් භාණ්ඩ කඩා බිඳ තිබුණි. වහා කලබල වූ මෙම ව්‍යාපාරික පුත්‍රයා නිවසට හොරු පැන ඇතැයි පවසා ආරක්ෂක අංශවල පිහිට පැතුවේය. ඒ සඳහා සිය දේශපාලන හයිය ද යොදා ගැනීමට ඔහු අමතක නොකළේය. ආරක්ෂක නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඔවුනට කාරණය අවබෝධ වීමට වැඩි කාලයක් ගත නොවුණි.


ආරක්ෂක නිලධාරීහු ආරක්ෂිත කැමරා පද්ධති දත්ත ගළපා පරීක්ෂා කළහ. විශාල රිළවුන් රංචුවක් නිවසට පැන නිවස පුරා සැරිසරන අන්දම එම දත්තවල සටහන් වී තිබූ ආකාරය ඔවුන්ට නිරීක්ෂණය විය. 


තාක්ෂණික දැනුම අල්ප ව්‍යාපාරිකයා ලජ්ජාවෙන් ඇඹරෙමින් ආරක්ෂිත අංශවලට ප්‍රශංසා කර සිද්ධිය වසන් කර ගැනීමට උත්සාහ දැරුව ද දින කිහිපයකින් සිද්ධිය ගම පුරාම ප්‍රචලිත වූයේය. 



අදහස් (0)

නිවෙසට පැන්න අමුතු හොරු සී.සී.ටී.වී යෙන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site