(ප්‍රියාණි මංගලිකා - නිකවැරටිය )
පදම වැරදුණ වැලිතලප පාර්සලයක් නිසා මහත් අකරතැබ්බකට පත්වූ තරුණයකු පිළිබඳ පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය,

තරුණයාගේ අසල්වැසි නැන්දා කෙනෙකුගේ නිවසට පැමිණි ඥාති සොයුරකු සමග මිත්රවන්නේ ඔවුන්ද නොසිතූ ලෙසය. මිතුරන් දෙදෙනා නිතර දුරකථනයෙන්ද හමුවෙති. ඔවුන්ගේ මිතුදම වසරක් පමණ මෙසේ ගලායද්දී, දිනක් තම මිතුරා හදිසි අනතුරකින් මියගිය පුවත තරුණයාට සැලවෙන්නේ අසල්වැසි නැන්දා ගෙනි.
මහත් ශෝකයට පත් තරුණයා ඒ සැනින්ම මිතුරාගේ නිවසට යන්නේද හැඬූ කඳුළෙනි. මිතුරාගේ සමුගැන්ම තරුණයාට මහත් වේදනාවක් විය.
තරුණයා මළගම නිමවනතුරුම මිතුරාගේ නිවසේ රැඳී සිටිමින් තම මිතුරා වෙනුවෙන් තම යුතුකම් කොටසද නොපිරිහෙලා ඉටු කළේය.
අනතුරුව මළගමේ ආදාහන කටයුතු නිමවා තරුණයා ආපසු නිවසට පැමිණියේ මිතුරාගේ සත්දින දානයටද පැමිණෙන බව ඔහුගේ මවුපියන්ට සහ ඥාතීන්ටද පවසමිනි.
නිවසට පැමිණි තරුණයා මිතුරාගේ සත්දින දානය සඳහා රැගෙන යායුතු දෑ ගැන කල්පනා කළේය. ඒ අනුව තම මවට කියා රසකැවිදිලිද සාදවා ගැනීමටද තරුණයා තීරණය කළේය.
“අම්මේ දානේ ගෙදරට ගෙනියන්න වැලිතලප ටිකක් හදලා දෙනවද” තරුණයා සිය මවට කීවේය. ඒ අනුව මව මහත් භක්තියෙන් නියමිත දිනට වැලිතලප සකස් කළාය. එහෙත් යම් හේතුවකින් එහි පදම වැරදීමක් සිදුව පාර්සල් කිරීමේ ගැටලුවක්ද පැන නැගිණි.
තරමක් කල්පනා කළ තරුණයා රසකැවිල්ල පොඩි නොවී රැගෙන යාම සඳහා නිවසේ තිබූ පැරැණි වීදුරු ඇසුරුම් පෙටිටියක් තෝරාගෙන, ඒ තුළ ආරක්ෂා සහිතව වැලිතලප ටික ඇසුරුවේ මවගේද සහය ඇතිවය. පසුව තරුණයා එය දර්ශනීය ලෙස වෙනත් කොළයකද දවටා, යතුරුපැදියේ ඉදිරිපස තබාගෙන සෙසු රැගෙන යා යායුතු දේවල්ද රැගෙන මිතුරාගේ නිවස බලා පිටත්වූයේ දානය පිංකමට සහභාගී වීම සඳහාය.
තරුණයා, මිතුරාගේ නිවසට ගොස් තමා රැගෙන ආ වැලිතලප පාර්සලය මිතුරාගේ මවගේ අතටම දුන්නේය. මිතුරාගේ මව එය මහත් භක්තියෙන් ගෙන ගෙතුළට ගියාය. තරුණයා තාමට හැකි උපරිමයෙන් දානයේ කටයුතුද සිදුකර දානය නිමවීමට පෙර ආපසු නිවසට පැමිණියේ වෙනත් හදිසි අවශ්‍යතාවක් තිබූ බැවිනි.
දින, සති ගෙවී මාසයක් පමණ ගතවෙද්දී අසල්වැසි නැද්දා දිනක් තරුණයා සමග මහ මගදී කථාවට වැටිණි. නැන්දා තම සොයුරාගේද, තැරණයා තම මිතුරාගේද අකල් මරණය පිළිබඳව මහත් සංවේගයෙන් කතා බහකරන්නට විය.
“එදා මහත්තයා ගෙනා වීදුරු පෙට්ටිය අපි පංසලට පූජාකළා. මල්ලීට පිං සිද්ධ වෙන්න”
අසල්වැසි නැන්දා එසේ කියද්දී තරුණායට දවල් තරු පෙනුණි. පසුව තරුණයා අසල්වැසි නැන්දාට සිදුවුණ දෙය පැවසුවේ කනගාටුවද පළකරමිනි.
“අප්පච්චියේ” කියමින් අසල්වැසි නැන්දාද හිස අත තබා ගත්තාය.
පසුව තරුණයා ඒ සැනින්ම නගරයට ගොස් එවැනිම වටිනා වීදුරු පෙට්ටියක් ගෙන විත් අසල්වැසි නැන්දාද සමග පන්සලට ගොස් එය පූජා කර අත්වැරදීමකින් සිදුවූ දෙයට සමාවද අයැද, තම මිතුරාටද පින් අනුමෝදන් කර ආපසු ආවේලු.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පදම වැරදුණු වැලිතලප පාර්සලෙන් දානෙ ගෙදර කලබැගෑනියක්