(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
නොසැලකිලිමත්කමින් සිදුවීමට ගිය මහ විපතක් වළක්වා ගැනීමට උත්සාහ ගත් අයෙකුට ඉවක් බවක් නැතුව පහර දීමේ සිද්ධියක් මහනුවර නගරාසන්නයෙන් වාර්තා වේ.

සිද්ධිය මෙසේය. කුඩා දරුවන් තිදෙනා සමගින් සිය ත්‍රිරෝද රථයෙන් ඔහු මහනුවර නගරයට පැමිණියේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම මිලදී ගැනීමේ අරමුණෙනි.
තම බිරිඳගෙන් ලැබුණු ලැයිස්තුවට අනුව ඒ සියල්ල එකම වහලක් යටින් මිලදී ගැනීමට නොහැකි බව දත් ඔහු තැන තැන තම ත්‍රිරෝද රිය නවත්වමින් අවශ්‍ය කළමනා ලබා ගැනීමට යුහුසුළු වූවේය.
කෙසේ නමුත් එසේ නවතා ගිය ත්‍රිරෝද රිය එක් ස්ථානයකදී පසුපසට යෑමට පටන්ගෙන ඇත්තේ එහි සිටි දරුවන්ගේ මර ළතෝනි හඬ මධ්‍යයේය.
ඒ සමඟම ඒ ආසන්නයෙන් ගමන් කළ තරුණයකු වහා ත්‍රිරෝද රියට නැගී එය නවතා දැමීමට උත්සාහ කර තිබේ. ඒ මොහොතේම දරුවන්ගේ කෑගැසීම ඇසී අදාළ ත්‍රිරෝද රථ හිමිකරු ද එතැනට දිව ආ පසු ඔහුට වැටහී ඇත්තේ තම දරුවන් තිදෙනාද සමගින් එම ත්‍රිරෝද රිය පැහැර ගැනීමට එම තරුණයා උත්සාහ ගන්නා බවකි.
එම දර්ශනයෙන් කුපිත වූ ඔහු තරුණයාට දිගට හරහට පහර දීමට පටන්ගෙන ඇත්තේ එම දරුවන්ගේ හැඬීමද තවත් තීව්‍ර කරවමිනි.
කෙසේ නමුත් එම සිදුවීම මුල සිට දුටු අවට පිරිස් අදාළ තරුණයා වහා ඔහුගෙන් මුදාගෙන සිදුවූ සියල්ල පැවැසීමෙන් පසු ත්‍රිරෝද රථ හිමිකරු තම දරුවන්ගේ නාමයෙන් තමාගෙන් සිදුවූ වරදට සමාව අයැද දණ ගසා වැඳ ගිය බව වැඩිදුරටත් අනාවරණය වේ.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විපතක් වළක්වද්දී බඩකට පුරා ගුටිකාලා ගහපු අයම සමාවත් අරන්