(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
අලුත ගෙනා මනමාලියගේ හිත සතුටු කිරීමට මහමඟ සිටි බළල් පැටවකු රැගෙන ඒමට ගිය පුද්ගලයකුට ඇඳ සිටි සරම ද නොමැතිව පණ කෙන්ද රැක ගැනීමට නිවසටම දිව යාමට සිදුවූ පුවතක් මහනුවරට තදාසන්න තේ වතු ආශ්‍රිත ප්‍රදේශයකින් වාර්තා වේ.

වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේය.
මනාලිය තම නිවසට කැන්දාගෙනවිත් තවමත් ගතව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. තේ වත්තේ වැඩ කරන ඔහු නගරයට ගිය හැමවිටම මනාලියගේ සිත සතුටු කිරීමට කැවිළි පෙවිළි මෙන්ම විසිතුරු බඩු ද රැගෙන එන්නේය.
මේ අතර ඉකුත් දිනක නගරයට ගිය ඔහු ඇයට අවශ්‍ය බඩු බාහිරාදිය මෙන්ම නිවසට අවශ්‍ය අඩුම කුඩුම ද රැගෙන බරට බරේ පැමිණියේ එදින සති අන්ත නිවාඩු දිනයක් ද වූ බැවිනි.
පා ගමනින්ම තේ වතු මැදින් එන අතරතුර මහමඟ අයිනේ සිටි බළල් පැටවකු ඔහු අතට ගත්තේ තම බිරියගේ සිත තව තවත් සතුටු කිරීමේ අදහසනි.
කෙසේ නමුත් එම සිතුවිල්ලෙන් අඩි දෙක තුනක් යාමටත් මත්තෙන් ඔහුගේ ඇඟට කඩා පැන්න හඳුන් දිවියකු නිසා අතැතිව සිටි පැටියාත් ගෙනා බඩු බාහිරාදිය සමඟ ඇඳ සිටි සරම ද එහි දමා පණ කෙන්ද බේරා ගැනීමට නිවසට දුවන අතර තමන් බළල් පැටවකු යැයි සිතා රැගෙන ඇත්තේ හඳුන් දිවි පැටවකු බව වැටහුණේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් මනමාලිය සතුටු කරන්න ගිහින් සරමත් නැතුව දුවලා