(සිටිනාමළුව - අනීෂා මානගේ)
උපකාරක පන්ති සඳහා පැමිණෙන තරුණ තරුණියන් අතර බෙදාහරින අත්පත්‍රිකා තැන තැන විසිකිරීම සම්බන්ධයෙන් ඒවා බෙදා හරින පුද්ගලයන්ට ලබා දුන් අපූරු දඬුවමක් පිළිබඳව තංගල්ල නගර සභාවේ සභාපතිවරයා පසුගියදා හෙළි කළේය.
තංගල්ල නගරයේ උසස් පෙළ සිසුන් සඳහා පන්ති පවත්වන එක්තරා ගුරුවරයකු තම ප්‍රචාරක කටයුතු සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමට තෝරාගෙන තිබුණේ මැදිවියේ පසුවූ දෙදෙනෙකි. එක් අයකුට රුපියල් පන්සියයක් බැගින් මුදලක් ගුරුවරයා විසින් ඔවුනට ගෙවා තිබිණි. මොවුන් දෙදෙනා තංගල්ලේ උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයක මාර්ගය දෙපස සිට උදෑසන පන්ති සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට අත්පත්‍රිකා බෙදමින් සිටින ආකාරය තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ස්වල්ප වේලාවක් බලා සිටියේය.
තරුණ තරුණියන් එම අත්පත්‍රිකා අතට ගෙන කියවා මාර්ගයට විසි කරන්නේ එයින් ඔවුන්ට ප්‍රයෝජනයක් නොමැති නිසා වෙන්නට පුළුවන. නමුත් මොවුන් තංගල්ල නගරය අපිරිසුදු කරන ආකාරය දෙස බලා සිටි සභාපතිවරයා තීරණය කළේ අදාළ ගුරුවරයා සොයා ගොස් මෙහි දෙකෙන් එකක් බේරා ගැනීමටය.
අත්පත්‍රිකා බෙදමින් සිටි දෙදෙනාගෙන් තොරතුරු විමසා සිටි සභාපතිවරයා අත්පත්‍රිකාවල හිමිකරු සොයා ගියේය. පන්තියක් අසලට පැමිණි ඔහු එහි සිටි සිසුන් දෙදෙනෙකුගෙන් ගුරුවරයා පිළිබඳව විමසා සිටියේ එක් අත්පත්‍රිකාවක් ඔවුන්ට පෙන්වමිනි. එම අවස්ථාවේ දී පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටි ගුරුමහතෙකු පෙන්වූ සිසුන් දෙදෙනාට සභාපතිවරයා දැන්වූයේ අත්පත්‍රිකා බෙදීම සඳහා ලබා දුන් පුද්ගලයන්ටම යළි මුදල් ලබා දී තැන තැන විසිකර ඇති අත්පත්‍රිකා සියල්ලම එකතු කරන ලෙස ගුරුවරයාට දන්වන ලෙසය.
සභාපතිවරයාගේ අණට කීකරු වූ ගුරු මහතා අත්පත්‍රිකා තරුණ තරුණියන්ට බෙදාදීම සඳහා බාරදුන් පුද්ගලයන් දෙදෙනාට යළි රුපියල් පන්සීය බැගින් රුපියල් දහසක මුදලක් ලබා දී තැන තැන විසිකරන ලද අත්පත්‍රිකා සියල්ලම එකතු කරන්නට ක්‍රියා කළේය. මොවුන් දෙදෙනා හැඳ සිටි සරම දෙකට නවා අත්පත්‍රිකා එකතු කර එය තුළට බහාලන ආකාරය සභාපතිවරයා බලා සිටි බව ද ඔහු සභාවේ දී පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම සභාපතිවරු හොද දෙයක් ඒක සතුටුයි ඔබ ගෑන
මෙන්න අපගේ ප්‍රණාමය. නියම දේශපාලකයෙක්.....! අපට ඕන මේ වගේ අය තමයි.
දැන් මෙතන සේරම කතාව සභාපතිගේ කෝණයෙන් එයා වීරයා කරලා. ඕක සභාපති මට්ටමේ නොවෙයි ළමයෙකුගේ මට්ටමේ දෙයක්. සභාපති ලෑස්තිද ඡන්ද කාලෙට බෙදන අත් පත්‍රිකා බිම දැම්මොත් ඔය විදිහට අහුලන්න?අඩුම තරමේ එහෙම වීසි කරන්න එපා කියලා අවවාදයක් දෙන්න තරම් හැකියාවක් තිබ්බා නම් ඉදිරියට ළමුන් අතින් එහෙම වෙන දේ අවම කර ගන්න තිබ්බා.
නගර තුල තැන තැන අපද්‍රව්‍ය විසි කරන මිනිසුන්ට දඩයක් නියම කලා නම් හොඳයි, මිනිසුන්ටත් විකල්පයක් වශයෙන් මේක කරන්න කලින් නගරයේ අඩුම තරමින් මීටර් 150 න් 150 ටවත් කුණු දැමිය හැකි භාජන තබා, ඒවායේ ඉතුරුවෙන කුණු නිසි ලෙස ඉවත් කරගැනීමට වැඩ පිළිවෙලක් සකස් කල යුතුය. තහංචි දමන්න කලින් ජනතාවට විකල්ප හදුන්වා දිය යුතුය. විකල්ප නැතුව තහංචි දැම්මොත් ඒවා අර ග්ලයිෆෝසෙට්, ඇස්බැස්ටෝස් තහනම් කලා මෙන් අසාර්ථක විය හැක, ලංකාවේ මිනිස්සු දැනට අවරුදු 10-20 කලින් කලා මෙන් විශාල ලෙස අපද්‍රව්‍ය විසිකරමින්, මාර්ගය දෙපස අපිරිසිදු නොකරති. බොහෝ පුද්ගලයන් , අපද්‍රව්‍ය භාජන තුලට දැමීමට පුරුදුවී සිටිති. නමුත් නගර සභා විසින් මෙවැනි භාජන නගරයේ අවශ්‍ය ස්ථානවල ස්ථාපිත නොකිරීමත් , සහ සේවකයන්ගේ ඔවුන්ගේ සේවය ඉටු කිරීමේදී කටයුතු කරන ඉතා අක්‍රමවත්, අලස භාවයත් හොඳින් නිරීක්ෂණය කල හැක , මේවට පිළියම් යෙදිය යුතුය .