(බමුණාකොටුව එච්.එම්.එන්. හේරත්)
තම බෑනාගේ මංගල උත්සවයට යාම සඳහා පැසුණු කොණ්ඩය සහ රැවුල ඩයි කිරීමට ගිය මාමා කෙනෙකු විශාල අකරතැබ්බයකට ලක්වූ පුවතක් පිළිබඳව වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වේ.

දුර බැහැර ප්‍රදේශයකින් මනාලිය කැඳවාගෙන ඒමේ මංගල උළෙලේ පෝරුවේ චාරිත්‍ර සඳහා ඇවැසි මාමාගේ භූමිකාව සඳහා කැඳවාගෙන යාමට නියමිතව තිබූ මාමා කොණ්ඩය සහ රැවුල කළු කිරීමට යාමේදී හදිසියෙන් රෝගාතුරවී ඇද වැටුණේ මනාල බැනාගේ සිහින බොඳ කරමිනි.
මංගල උත්සවයට පෙර දින සැන්දෑවේ එහි යාම සඳහා දහවල් සූදානම් වීමට අදහස් කරගත් මාමා ලහි ලහියේ නිවස ළඟ වෙළෙඳසලකින් ඩයි පැකැට්ටුවක් මිලට ගෙන තම කොණ්ඩය සහ රැවුල කළුකර ගැනීමට පටන් ගත්තේ මංගල උළෙලේදී ආකර්ශනීය ලෙස පෙනී සිටීමටය.
එහෙත් නොසිතූ අයුරින් එම ඩයි වර්ගය නිසා සංකූලතා තත්ත්වයක් ඇති වීමෙන් මාමා රෝහල්ගත කිරීමට සිදුවූයේ මංගල්ලයේ පැවරුණු රාජකාරියටද තිත තබමිනි.
මාමාගේ රෝගී තත්ත්වය බරපතළ වූයෙන් පවුලේ අයගේද මංගල ගමන ඇනහිටියේය.
මාමාගේ බිරිඳ අධික මුදලක් වැය කර සූදානම් කරගත් ඇඳුම් ආයිත්තමි වලින් පලක් නොවීම පිළිබඳව ඇය කම්පනයට පත්වූවාය. උදාවූ තත්ත්වයෙන් මහත් කලබලයට හා කම්පනයට පත් බෑනාට තම පෝරුවේ චාරිත්‍ර සඳහා ඇවැස්ස මාමාගේ භූමිකාව සඳහා වෙනත් මාමා කෙනෙකු සොයන්නටද සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෑනාගේ මඟුලට තිරිහන් වෙන්න ගිය මාමා රෝහලේ