IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වරදකරු පෝරකේ ඉන්න හැටි දැක්කාම හිත උණුවෙලා

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
ගොවි මහතකු තම නිවසේ කාමරයක ගබඩාකර තිබූ වී අස්වැන්න කාදමන මීයන්ට මරණ දඬුවම දීම සඳහා අටවන ලද උගුලකට අසුවූ මීයෙකුට මරණ දඬුවම වෙනුවට අභයදානය දීමට සිදුවූ පුවතක් රාජාංගණය වම් ඉවුර යාය 7 ප්‍රදේශයෙන් වාර්තා වේ. 


කලක සිට ගොවි මහතකුගේ වී ගබඩාවට මී කරදරය උග්‍ර ලෙස පැවතිණි.


ඉදිරි කන්නය වගාකර එහි අස්වනු නෙළන තෙක් එම වී වලින් කොටසක් තම ආහාරය පිණිස මෙසේ ගබඩාකර තැබීම ප්‍රදේශයේ ගොවි මහතුන් සැමගේම සිරිතය. ඒ අනුව අප ගොවි මහතාද එසේ ගබඩාකර තිබූ වී තොගය මෙසේ මීයන් කා දැමීමට පටන්ගෙන තිබුණි. 


මේ පිළිබඳව කනස්සල්ලට පත් ගොවි මහතා ඒ සඳහා මීයන් නොමරා එම කරදරයෙන් මිදීම සඳහා තමන් දන්නා සුපුරුදු ක්‍රමවේද පමණක් නොව තම ඥාති හිත මිතුරන්ගෙන් පවා උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළද අදාළ ගැටලුවට විසඳුමක් නොලැබුණු තැන පිං පව් පසෙකලා වී කන මීයන්ට මරණ දඬුවම දීමට ඔහු හිත හදා ගත්තේය. 


ඒ අනුව වෙළෙඳපළෙන් මී කතුරක් (සුළු වේලාවකින් මියා මියයන උගුලක්) මිලදී ගත් ගොවි මහතා එදින රාත්‍රියේ 8ට පමණ එම උගුලට ඇමක් යොදා එය වී ගබඩාවේ සුදුසු තැනක අටවා තැබුවේය. 


වී කාදමන මීයන්ට මරණ දඬුවම දීමට හිත හදා ගත්තද එම තීරණය පිළිබඳව පිං පව් ගැන හිතමින් දෙළොවක් අතර සිටි ගොවි මහතා අවසානයේ “ඔහෙ ඕන දෙයක්” යැයි තමන්ටම කියා ගබඩාවට යාබදව කාමරයේ ඇඳක් මත සුපුරුදු නින්දට වැටී ඇත. 


ඉන්පසු සිදුවූයේ කුමක්ද යන්න ඔහු අප සමග මෙසේ කීය. 


“රෑ 11 ට විතර ඇති, වී ගොඩ පැත්තෙන් “කටස්” ගාන සද්දයක් ඇහුණා. දෙතුන් පාරක් කතුර එහාට මෙහාට ඇදෙන සද්දෙත් ඇහුණ. ඊට පස්සේ මුකුත් සද්දයක් නෑ. ඒ කියන්නෙ මීය මැරිල තමයි.

මම එහෙම හිතල උදේටම බලනව කියල අනිත් පැත්තට හැරිල නිදාගත්ත. නමුත් පුදුමෙ කියන්නෙ උදේ ගිහින් බලද්දී මීයගෙ බෙල්ලටම උගුල හිරවෙලා. නමුත් පුදුමෙ කියන්නෙ මීයා මැරිල නෑ. ඌ මං දැක්ක විතරයි උගුලෙන් ගැලවෙන්න එහාට මෙහාට දඟලන්න ගත්ත. සාමාන්‍යයෙන් මේ වගේ උගුලකට බෙල්ල හිරවුණ මීයෙක් සුළු වෙලාවකදී මැරෙනවා. නමුත් මේ මීය පැය 7 ක් විතර ගිහිල්ලත් පණපිටින් ඉන්නවා. කොහොම වුණත් මට දැන් තියෙන්නෙ මීයා මරන්නයි. ඒත් මීය උගුලට හිර වෙලා පණපිටින් ඉන්න හැටි දැක්කම මට හිත දුන්නෙ නෑ ඌව මරන්න. ඒ නිසා මම මීය කතුරක් සමග ටිකක් ඈතට අරං ගිහින් උගුලෙන් නිදහස් කළෘ. 


වී කනව කියල මීයො මරන්න ගත්ත. ඒක ඉවරයක් නැති වැඩක්. එකෙක් මැරෙනකොට තව එකෙක් එයි. නිකං මං පව් පුරව ගන්නව විතරයි. එහෙම හිතල මම තීරණය කළා මීට පස්සෙ කෑමට කියල වී ගබඩා කරන්නෙ නෑ. ඒ වී ටිකත් විකුණල අවශ්‍ය වෙලාවට කඩෙන් හාල් ගන්නවා කියල” යනුවෙන් ගොවි මහතා පැවසීය.



අදහස් (0)

වරදකරු පෝරකේ ඉන්න හැටි දැක්කාම හිත උණුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site