කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිටුපස දොරටුවේ ඇති ටිකට් කවුන්ටරය වෙත පැමිණි මඟියෙකි. දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිලධාරියා පොතක යමක් ලියමින් සිටි අතර ‘මට රාගමට ටිකට් එකක් දෙන්න’ යයි මඟියා පැවැසීය. නිලධාරියා කිසිවක් නෑසුනා සේ තම කාර්යයේ යෙදී සිටී. ‘මහත්තයා මට රාගමට ටිකට් එකක් දෙන්න. කෝච්චිය යන්න ළඟයි.” මඟියා නැවතත් කාරුණිකව පැවැසීය.

‘ඉතින් මට මොක ද?’ නිලධාරියා එසේ පැවැසුවේ මඟියාට රවමිනි.
‘එහෙම කියන්න එපා මහත්තයා මේ කෝච්චියේ යන්න බැරි වුණොත් මට රාගමින් ගෙදර යන්න බස් එකක් නැතිව යනවා.’ මඟියා කාරණය පැහැදිලි කළේය.
මඟියා අත තිබූ රුපියල් විස්සේ කොළ දෙක උදුරා ගත් නිලධාරියා ප්‍රවේශ පත්‍රය ඈතට විසිකර ඉතිරි මුදල බිමට වැටීමට සැලැස්වීය. මුදල අහුලා ගත් මඟියා ‘මහත්තයා මාත් එක්ක තරහා වුණාට සල්ලිවලට ඔහොම කරන්න එපා.’ යැයි පවසා දුම්රිය ස්ථානය ඇතුළට ගියේය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටුවේ විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ දුම්රිය ස්ථාන වල ඉන්නේ ඔය වගේ කමකට නැති මහත්තුරු, ගනේමුල්ලෙත් ඉන්නවා මෙලෝ රහක් නැති මහජන සහයෝගිතාවයක් නැති මූනේ හිනාවක් නැති කණ්ඩායමක්.
ගම්පහ ඉන්න ඔක්කොම ඔය වාගේ
අත්දැකීමෙන්....... කළුතර, පොල්ගහවෙල, කොටුව.......... ටිකට් දෙනෙ ඇත්තන්ගේ මනෝ විද්‍යාත්මක වාර්තාවක් රැගෙන සේවයට නුසුදුස්සන් වෙනුවට අළුතින් කණ්ඩායමක් බඳවාගත යුතුයි. ඔවුන්ගේ සේවාවට වැටුපක් ලබා ගන්නා බවත් අමතක නොකල යුතුයි. කළුතර ඉන්න රැවුල වවාගත් මුස්පේන්තුකාර මහතානම් වහාම ඉවත් කලයුතු කෙනෙක්!