(ගල්ගමුව - නිහාල් ජයවීර)
ගෑනුන්ට පිරිමින්ගේ අගේ ගැරඬියාගෙන් දැනේ යනුවෙන් අලුත් ආප්තෝපදේශයක් වයඹ පළාතේ ඈත කෙළවරක පාසලක් ඇසුරින් බිහිව ඇති පුවතක් දැන ගැනීමට ලැබිණි.

මේ පාසල ප්‍රාථමික විද්‍යාලයකි. විදුහල්පතිනියකගෙන් පාලනය වෙයි. ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරන්නේද ගුරුවරියන්ය. පසුගිය දිනක පාසලේ ගොඩනැගිල්ලකට සර්පයෙකු ඇතුළු වී තිබේ. ළමයින් මෙන්ම ගුරුවරියෝද බියට පත්වූහ. සමහරු කෑ ගසන්නටත්, ඇතමෙක් ඩෙස්, පුටු මතට ගොඩවීමටත් පටන් ගත්හ. සර්පයා ඒ මේ අත බඩ ගාමින් ශාලාව තුළම රැඳෙන්නට විය.
එදින මේ පාසලේ භාණ්ඩ සමීක්ෂණයකට වෙනත් පාසලකින් ගුරුවරු දෙදෙනෙක් පැමිණ සිටියහ. කලබලය අසා ඔවුන් ඒ දෙසට ගොස් තිබේ. ඔවුහු සර්පයා දුටහ. ඒ විෂඝෝර සර්පයකු නොව ගැරඬියකු බව හඳුනා ගත් ඔවුහු ගැරඬියා පලවා හැරියහ.
ගුරුවරුන් දෙදෙනා ළඟට පැමිණි විදුහල්පතිනිය හා ගුරුවරියන් මේ වාගේ වෙලාවට තමයි ගෑනුන්ට පිරිමින්ගේ අගේ ගැරඬියාගෙන් දැනේ කියන්න වෙන්නේ. අනේ අපේ ඉස්කෝලෙට ගැරඬියෙක්වත් එළවා ගන්න පිරිමි ගුරුවරයෙක් දෙනවා නම් කොච්චර හොඳඳැ යි කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්පයෙක් නොවෙයි, පොඩි බටු මීයෙක් ගෙදරක දකින්න හිටියත්, පිරිමි පුළුටක අගය කියා ගන්න බැරි තරම්...
තුෂාර ඔයා හරි බටු මීයෙක් නෙමෙයි කැරපොත්තටත් බයේ දුවන අය ඉන්නවා අපි ඕන ඒකා මෙල්ල කරන්න.
දුවන එක විතරක් නම් කමක් නෑ. මර හඬ තලනවා