(ගල්ගමුව - නිහාල් ජයවීර)
ගෑනුන්ට පිරිමින්ගේ අගේ ගැරඬියාගෙන් දැනේ යනුවෙන් අලුත් ආප්තෝපදේශයක් වයඹ පළාතේ ඈත කෙළවරක පාසලක් ඇසුරින් බිහිව ඇති පුවතක් දැන ගැනීමට ලැබිණි.

මේ පාසල ප්‍රාථමික විද්‍යාලයකි. විදුහල්පතිනියකගෙන් පාලනය වෙයි. ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරන්නේද ගුරුවරියන්ය. පසුගිය දිනක පාසලේ ගොඩනැගිල්ලකට සර්පයෙකු ඇතුළු වී තිබේ. ළමයින් මෙන්ම ගුරුවරියෝද බියට පත්වූහ. සමහරු කෑ ගසන්නටත්, ඇතමෙක් ඩෙස්, පුටු මතට ගොඩවීමටත් පටන් ගත්හ. සර්පයා ඒ මේ අත බඩ ගාමින් ශාලාව තුළම රැඳෙන්නට විය.
එදින මේ පාසලේ භාණ්ඩ සමීක්ෂණයකට වෙනත් පාසලකින් ගුරුවරු දෙදෙනෙක් පැමිණ සිටියහ. කලබලය අසා ඔවුන් ඒ දෙසට ගොස් තිබේ. ඔවුහු සර්පයා දුටහ. ඒ විෂඝෝර සර්පයකු නොව ගැරඬියකු බව හඳුනා ගත් ඔවුහු ගැරඬියා පලවා හැරියහ.
ගුරුවරුන් දෙදෙනා ළඟට පැමිණි විදුහල්පතිනිය හා ගුරුවරියන් මේ වාගේ වෙලාවට තමයි ගෑනුන්ට පිරිමින්ගේ අගේ ගැරඬියාගෙන් දැනේ කියන්න වෙන්නේ. අනේ අපේ ඉස්කෝලෙට ගැරඬියෙක්වත් එළවා ගන්න පිරිමි ගුරුවරයෙක් දෙනවා නම් කොච්චර හොඳඳැ යි කියා තිබේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෑනුන්ට පිරිමින්ගෙ අගේ ගැරඬියාගෙන් දැනේ
Thusha Monday, 11 March 2019 03:46 PM
සර්පයෙක් නොවෙයි, පොඩි බටු මීයෙක් ගෙදරක දකින්න හිටියත්, පිරිමි පුළුටක අගය කියා ගන්න බැරි තරම්...
Ama Tuesday, 12 March 2019 02:32 AM
තුෂාර ඔයා හරි බටු මීයෙක් නෙමෙයි කැරපොත්තටත් බයේ දුවන අය ඉන්නවා අපි ඕන ඒකා මෙල්ල කරන්න.
upul Wednesday, 13 March 2019 05:33 PM
දුවන එක විතරක් නම් කමක් නෑ. මර හඬ තලනවා