IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නිට්ටෑවකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරුගාලා

(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
මධු සමය දා රාත්‍රී නිට්ටෑවෙකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරු ගා මහා ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න හෝටලයකින් වාර්තා විය. 


වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි. 


මංගල යෝජනාවකින් විවාහ පත්වූ ඔහු පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතුවූවකු වන අතර ඇය රජයේ රැකියාවක නියුතු රූමත් තරුණියක වූවාය.


ඉකුත් සති අන්තයේ දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය මහ ඉහළින් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක ගෙන ඇති අතර සිය මධු සමය ගත කිරීම සඳහා දෙදෙනාගේම එකඟතාව මත තෝරාගෙන ඇත්තේ මහනුවරට තදාසන්නයේ පිහිටි හෝටලයකි.


රාත්‍රි භෝජනයෙන් පසු දෙදෙනා ඔවුන්ගේ ලෝකයේ තනිවූ අතර මධ්‍යම රාත්‍රිය ඉක්මයත්ම මනාලයා මුළු හෝටලයම දෙවනත් කරමින් කෑ ගසා මුහුණේ ලේ පෙරෙන තුවාල සහිතව පිළිගැනීමේ කවුන්ටරය වෙත දුවවිත් ඇත්තේ තම නිදි ඇඳුම පිටින් ම ය. 


අනපේක්‍ෂිතව ඇතිවූ මෙම තත්ත්වය මත හෝටල් කාර්ය මණ්ඩලයද කලබලවී කරුණු කාරණා සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ මනාලිය නින්දේ පසුවෙද්දී තමා හීනෙන් නිට්ටෑවෙකුගේ ග්‍රහණයට හසුවූ බව දැනී උගෙන් බේරීම සඳහා එම ප්‍රහාරය එල්ලකර ඇති බවකි. 

 



අදහස් (1)

නිට්ටෑවකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරුගාලා

සමන් Thursday, 28 March 2019 12:22 PM

ශුවර් එකට මනමාලයා කළු කොට වෙන්න ඇති.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site