දුමින්දගේ නිදහසට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි
භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය ලබන නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියම කළේය.