(අංජුල මහික වීරරත්න)

යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදානම් යැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

උතුරු පළාතේ වගා කටයුතු සම්බන්ධව  වනජීවී අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.

වන සංරක්ෂණ කලාප වලට අයත් එහෙත් මීට  පෙර ගොවීන් විසින් වගා කළ ඉඩම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ඉල්ලිම් සලකා බලමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

වන සංරක්ෂණ සීමාවලින් පිටත ඇති  ඉඩම්වල කිසිදු ගොඩනැගිල්ලක් හෝ වෙනත් ඉදි කිරීමක් නොකර වගාව සඳහා ලබා දීමේ පදනම යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 යාපනය දිස්ත්‍රික්කයේ පමණක් එසේ හඳුනාගන්නා ලද ඉඩම් හෙක්ටෙයාර් 3054ක් තිබෙන බව වනජීවී සහ වන සංරක්ෂණ  අමාත්‍යාංශය කියයි.