
(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් සමූපකාර ප්‍රාදේශිකවල විවිධ දූෂණ වලට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් දඬුවම් නැතිව එම තනතුරු වලම රැඳී සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තොරතුරු හෙළි විය.
මේ අනුව සමූපකාරවල නෛතික දුර්වලතා ඇතුළු අනෙකුත් අඩුපාඩු කඩිනමින් විසඳීමට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය .
මෙම කාරක සභා රැස්වීමට වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියව කියවා ඉන්නේ නැතිව ලොක්කා, එවැනි සමූපකාර සුද්ද කරන්න...
සමූපකාර ටික පරාදයිනෙ ඒකයි ඔහොම කියන්නෙ.
හැම සමිතියනම හොරු නැහැ. දෙපාර්තමේන්තු නිලධාරීන් මීට වඩා නම්‍යශීලී උනන්දුවක් /න්නේ නම් සමූපකාරය දියුණු කළහැනියි.
මාතර සමූපකාර ග්‍රාමීය බැංකුවෙන් ගණු දෙනු කරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා. කල් පිරුණු ස්ථාවර තැන්පත්වල මුදල් දෙන්නෙ නෑ.කලින් සභාපති මුදල් වංචා කරලලු. ඒකට ගණු දෙනු කරුවොද වන්දි ගෙවන්න ඕන. කරුණාකර මේ පිළිබදව සොයාබලා විසදුමක් දෙන්න.
වසන්ත සමරසිංහගේ වත්කම් ප්‍රකාශය දැක්කම සාධාරණ සැකයක් ඇතිවෙනවා. ඔහු දීලා තියෙන පැහැදිලි කිරීම ප්‍රමාණවත් නැහැ. ඒවා බදු වාර්තා, බැංකු වාර්තා, ඉඩම් ගනුදෙනු, සහ crypto ගනුදෙනු හරහා ස්වාධීනව පරීක්ෂා කළ යුතුයි.
සමූපකාර ආයතනවල දූෂණ, නෛතික දුර්වලතා සහ පාලන අඩුපාඩු පිළිබඳව රජයේ මට්ටමින් සාකච්ඡා කෙරෙන අවස්ථාවක, එම ක්ෂේත්රයට වගකිව යුතු අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ මහතාගේම වත්කම් ප්‍රකාශය පිළිබඳව ජනතාව අතර මතු වී ඇති ප්‍රශ්න නොසලකා හැරිය නොහැක. ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා අනුව, වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 275–279ක් පමණ ලෙස සඳහන් වී ඇත. එයට රු. මිලියන 150ක් වටිනා වාණිජ ගොඩනැගිල්ලක්, රු. මිලියන 75ක් වටිනා තට්ටු තුනක වාණිජ ගොඩනැගිල්ලක්, රු. මිලියන 10ක් වටිනා නිවසක්, රු. මිලියන 15ක් වටිනා Toyota Prius රථයක්, රන් පවුම් 17.5ක්, solar power units, fixed deposits, LOLC කොටස් 21,000ක් සහ රු. මිලියන 1ක් පමණ වටිනා cryptocurrency holdings ඇතුළත් බව වාර්තා වී ඇත. ඔහුගේ පැහැදිලි කිරීම අනුව, මෙම වත්කම් පවුලේ උරුමයන්, 1997 සිට කළ ටියුෂන්/පන්ති, තඹුත්තේගම ප්‍රදේශයේ අධ්‍යාපන/වාණිජ ආයතනය, කුලී ආදායම්, solar power ආදායම්, කොටස් වෙළෙඳපොළ ආයෝජන සහ Covid කාලයේ cryptocurrency ආයෝජන හරහා උපයාගත් බව සඳහන් කර ඇත. Daily Mirror වාර්තාව අනුව ඔහු TIN අංකයක් සහ tax file එකක් තිබෙන බවත්, “දේශපාලකයෙකු ලෙස මහජන මුදල්වලින් සතයක්වත් උපයා නැත” යන අදහසත් ප්‍රකාශ කර ඇත.
( සැසදේ) එහෙත් ප්රශ්නය වන්නේ පැහැදිලි කිරීමක් ලබා දීම පමණක් ප්‍රමාණවත්ද යන්නයි. විශේෂයෙන්ම දූෂණයට එරෙහිව දැඩිව කතා කරන දේශපාලන චරිතයක වත්කම් මෙතරම් විශාල නම්, එම වත්කම්වල මුදල් මූලාශ්‍රය බදු වාර්තා, බැංකු වාර්තා, ඉඩම්/ගොඩනැගිලි ගනුදෙනු, කුලී ආදායම්, ආයතනික ආදායම් සහ cryptocurrency transaction history හරහා ස්වාධීනව පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යය. Cryptocurrency සම්බන්ධ කරුණත් මෙහිදී විශේෂ අවධානයට ලක්විය යුතුය. වාර්තා අනුව මෙය “Bitcoin 3000ක්” ලෙස නිශ්චිතව කියා නොමැති අතර, “3000 crypto chips” හෝ රු. මිලියන 1ක් පමණ වටිනා crypto holdings ලෙස වාර්තා වී ඇත. එබැවින් මෙම කරුණ අතිශයෝක්තියෙන් නොව, නිවැරදිව සහ විගණනය කළ හැකි ආකාරයෙන් පැහැදිලි කළ යුතුය. රණ ජනතා ප්රශ්නයකි.
(3 සැසදේ) මේ නිසා වසන්ත සමරසිංහ මහතා වංචාකාරයෙක් බව නිශ්චිතව කියා තීරණය කිරීම සාධාරණ නොවුණත්, ඔහුගේ වත්කම් ප්‍රකාශය මත ජනතාවට සාධාරණ සැක සහ ප්‍රශ්න මතුවීම ඉතා සාමාන්‍ය දෙයකි. විශේෂයෙන්ම ඔහු වගකිව යුතු අමාත්‍යාංශය වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධනයට සම්බන්ධ වන බැවින්, ඔහුගේම වත්කම් පිළිබඳව ඉහළම මට්ටමේ විනිවිදභාවයක් පෙන්වීම මහජන විශ්වාසයට අත්‍යවශ්‍යය. ඔහුගේ අමාත්‍යාංශ තනතුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල පැතිකඩෙහිද සඳහන් වේ. ඒ නිසා ජනතාවගේ ඉල්ලීම විය යුත්තේ පුද්ගලික අපහාසයක් නොව, සරල සහ සාධාරණ එකකි: “වත්කම් ප්‍රකාශය පමණක් නොව, එම වත්කම් උපයාගත් ආකාරයද බදු වාර්තා, බැංකු වාර්තා, දේපළ ගනුදෙනු සහ crypto transaction records හරහා විනිවිදභාවයෙන් තහවුරු කරන්න.” දූෂණයට එරෙහිව කතා කරන ඕනෑම දේශපාලකයෙකුට පළමුව තමන්ගේම වත්කම් පිළිබඳව ජනතාවට පිළිගත හැකි මට්ටමේ පැහැදිලිභාවයක් ලබා දීම වගකීමකි. එය පුද්ගලික ප්‍රහාරයක් නොව, මහජන තනතුරක් දරන අයෙකුට අදාළ සාධා