(සුරංග රාජනායක)

ගම්පොළ නගරයේ ප්‍රධාන පාසලක දහය වසර පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු ගම්පොළ උඩෝවිට අසල මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව ඇති බව ගම්පොල පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ උඩෝවිට ප්‍රදේශයේ පදිංචි ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන කල්පිත කරසිංහ නමැති පාසල් සිසුවායි.

පාසලේ මේ දිනවල පැවැත්වෙන වාර විභාගය අවසන්ව නිවසට පැමිණ ඇති මොහු එම ගමේම පදිංචි අතුරුදන් සිසුවා තවත් පිරිසක් සමග මෙසේ ගඟ වෙත ගොස් තිබේ.

මොවුන් දියනෑ ස්ථානයේ වැලි ගොඩ දැමීමෙන් අඩි ගණනාවක ගැඹුරක් සෑදී ඇති බව ප්‍රදේශවාසීහු පවසන අතර එම ස්ථානයේ දිය පහරද වැඩි බව සඳහන් කරයි.