
(යොහාන් භාසුර)
බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ හෙට (4) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයන්ගේ සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා අද (3) පැවසීය.
පෞද්ගලික බස්හිමියන්ගේ සංගම් සහ පළාත් බස් සංගම් නියෝජිතයන් ප්‍රවාහන අමත්‍යංශයට හෙට පෙරවරුවේ යෑමට නියමිත බවත් එහිදී ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්චා කිරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රණසිංහ මහතා කීය.
එහිදී මෙම මාසය සඳහා සියයට 3 කට වැඩි බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් යෝජනා කරන බවත් සියලු දෙනාගේ එකඟත්වය ලැබෙන වඩාත් පිළිගතහැකි අවස්ථාව තෝරාගන්නා බවත් ඒ මහතා කීය.
ඉන්ධන මිල ඉහළ යෑමෙන් බස්රථහිමියන්ගේ පිරිවැය ඉහළ ගිය විට එම පිරිවැය බස් මගියා හෝ රජය භාරගත යුතු බව කී රණසිංහ මහතා බස්හිමියන් ව්‍යාපාරිකයන් බැවින් එම පාඩුව දරාගැනීමේ හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.
බස් රථවලට ඉන්ධන ගැනීමට මේ වන විටත් කිව්ආර් කේතය ක්‍රියාත්මක වීම නිසා ඉන්ධන සහනාධාරයක් ක්‍රියාත්මක කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් රජය ඉන්ධන සහනාධාරයක් දුන හොත් මගී ජනතාවට සහනයක් සැළසෙන බවත් සම්පත් රණසිංහ මහතා කීය.
ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය මැයි මස රුපියල් 10 කින් සහ මෙම මස රුපියල් 15 කින් ඉහළ දැමීමත් සමඟ මේ වන විට රුපියල් 25 කින් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුවෙලා කියන්න තියෙන දේ නොවේ සැකක්!