
(සුජිත් හේවාජුලිගේ)
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර අැත
අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව සැලකීමට ඉඩ ඇති බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.
දිගු කාලීන සැලසුමකින් තොරව එවැනි පියවරක් ඉදිරියට ගෙන යාම එම අධිකරණවල මෙන්ම විනිසුරුවරුන්ගේ ගෞරවයටද හානි කරනු ඇතැයි සිය විශ්වාස බව නීතිඥ සංගමය නිකුත් කළ ලිපියේ දැක්වේ.
තවද, වර්තමාන රජය එවැනි පියවරක් ඉදිරියට ගෙන යන්නේ නම් එය, අනාගත රජයන්ට ද අධිකරණමය කාර්යයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිගු කාලීන සැලසුමකින් තොරව සංශෝධන හඳුන්වා දීම පිළිබඳ භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවද ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd