IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වියට්නාම මෙහෙණියගෙන් අඩු ආදායම් ලාභින්ට අත හිත

ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම් ලාභි පවුල් දහසකට අධික ප්‍රමාණයකට වියළි සලාක බෙදා දීම හා පාසල් ළමුන් සදහා පාසල් උපකරණ ලබා දීමට වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ මෙහෙනින් වහන්සේලා පිරික් ඉකුත් දා කටයුතු කළහ.

වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා ලංකාවේ මින්සුන් පත් වී ඇති අපහසුතා දැක වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන Dieu Xinh සහ ඇයගේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ වන An dieu ප්‍රධාන පිරිස දීර්ඝ කාලයක සිට ලංකාවේ සුභ සාධන කටයුතුවල යෙදී සිටිති.

ඒ අනුව පසු ගිය දා මේ මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ මෙහෙනින් වහන්සේලා ලංකාවට වැඩම කළහ.

ගලහිටියාව පුරාණ විහාරස්ථානයේ දහම් පාසල් ළමුන් 300 කට පෝෂණ මලු ලබා දුන් අතර වැඩිහිටියන් සදහා වියළි සලාක බෙදා දුන්නේය. නුවරඑලියේ කදපොල ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 500 ක් සදහා වියළි සලාක බෙදා දීම සිදු කෙරුණි.

කොත්මලේ ප්‍රඥාප්‍රදීප විද්‍යායතනය කේන්ද්‍ර කර ගෙන වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි. වියට්නාම් මෙහෙණින් වහන්සේ විසින් මෙහි දී පාසල් ළමුන් සදහා ත්‍යාග රාශියක් ලබා දීම සිදුකරන ලදි. වැඩිහිටියන් සදහා වියළි සලාක බෙදා දීම ද මෙහි දී සිදු කෙරුණි.

මේ මෙහෙණින් වහන්සේ විසින් උතුරු මැද පළාතේ සුභ සාධන ව්‍යාපෘති රාශියක් පසුගිය කාලය පුරා සිදු කරන ලදි.  විශේෂයෙන් වකුගඩු අසාදිතයින් සදහා ජල පවිත්‍රකරණ වයාපෘතියක් ද (water purification project) ආරම්භ කෙරුණි. තලාව ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 600 ක් පමණ ප්‍රතිලාභ ලබයි. අනුරාධපුර නිකුට්නෑව සහ එප්පාවල ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් සදහා නිවාස ඉදිකර දීම ද මෙයට සමග‍ාමීව සිදු කෙරුණි.

මේ මෙහෙණින් වහන්සේ විසින් ලංකාවේ ගැබිණි මවුවරුන්ගේ පෝෂණය නගා සිටුවීම සදහා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරනු ලැබ ඇත.

මේ අනුව අම්බලන්තොට ගල්විල රජමහා විහාරයේ විහාරාධිපති බැරගම විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලු බෙදා දීම මේ මෙහෙණින් වහන්සේගේ අනුග්‍රහාකත්වය ඇතිව සිදු කරනු ලැබිය.

වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන Dieu Xinh සහ ඇයගේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ වන An dieu ප්‍රධාන පිරිස දීර්ඝ කාලයක සිට ලංකාවේ සුභ සාධන කටයුතුවල යෙදී සිටිති. 



අදහස් (0)

වියට්නාම මෙහෙණියගෙන් අඩු ආදායම් ලාභින්ට අත හිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site