(අංජුල මහික වීරරත්න)

"වසර දෙකයි රටට සුබයි" යන තේමාවෙන් ජාතික ජන බලවේගය රට පුරා සංවිධාන කරන මහජන රැලි මාලාවේ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්‍රික් රැළි හෙට(12)සහ අනිද්දා (13) පැවැත්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළි මාලාවේ පොළොන්නරු දිස්ත්‍රික් රැළිය පොළොන්නරු දීප උයන පරිශ්‍රයේදී හෙට පස්වරු 4ට පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (13) සවස 2ට කහටගස්දිගිලියේදී ද සවස 4ට නොච්චියාගමදී ද ජනරැළි පැවැත්වෙයි. අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ දහස් සංඛ්‍යාත ගොවි ජනතාවකගේ සහභාගීත්වයෙන් මෙම ජනරැළි පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.