(නිමල් ජයරත්න සහ සුනිමල් හේවගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) පොළොන්නරුවේදි පැවැත්වීමට නියමිත ගොවිජන රැළියට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ‍ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ජාතික කොඩියක් අතැතිව අද දහවල සිට හිඟුරක්ගොඩ වෙළද සංකීර්ණයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත සිටියි.

මෙලෙස විරෝධතාවයක නිරත වී සිටින්නේ, රජඇල ගම මින්නේරියේ අයෙකි.

නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් එම රැළියට සහභාගි කරවීමට කටයුතු කර ඇතැයි රවින්ද්‍ර ලක්මාල් බණ්ඩාර මහතා සඳහන් කරයි.