
(මනෝප්රිය ගුණසේකර)
ග්‍රීක බැඳුම්කරවල රුපියල් බිලියන 1.8 මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්රීපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගොනුකොට ඇති අභියාචන පෙත්සම ඔක්තෝම්බර් 09 වෙනි දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි” මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා කියා සිටියේ අදාළ නොතිසිය ලැබුණේ ඊයේ දිනයේදී බවත් මේ සම්බන්ධ කරුණු අධ්‍යානය කාලය අවශ්‍ය බවත්ය” ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝම්බර් 09 වන දින යලි කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.
ග්‍රීක බැදුම්කරවල රුපියල් බිලියන 1.8 ක් ශ්‍රී ලංකා මුදල් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු කරන ලදැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ බවද ඉන් පසුව මෙ අධි චෝදනා පත්‍රය ඉවත් කර ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ යළි නඩු පවරනු ලැබූ බවද විශේෂ අභියාචන පෙත්සම සඳහන් වේ.
දෙවනි වර අධිචෝදනා පත්‍රය ගොනුකරනු ලැබුවේ දූෂණ විරෝධී පනතේ වෙනත් විධිවිධාන යටතේ බවත් මෙයාකාරයකට අධිකරණ බල අධිකාරියන් දෙකක නඩු පැවරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ත්රීපුද්ගල මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළත් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කළ බවද පෙත්සමේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd