
(නිමල කොඩිතුවක්කු)
දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය 1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ දරුණුතම එල්නිනෝව වීමේ සම්භාවිතාව 69% සිට 75% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා කොළඹදී පැවසීය.
ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම එල්නිනෝ තත්ත්වය ‘ප්‍රබල එල්නිනෝ‘ තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව 98%ක් තරම් ඉහළ අගයක පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ඕ අනුව ගෙවුණු වසර 75ක කාලය තුළ වාර්තා වූ සියලු එල් නිනෝ තත්ත්වයන්ට වඩා වැඩි බලපෑමක් මෙවර ඇතිවිය හැකි බව ද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.
ඉදිරි සති දෙකක කාලය තුළ වර්ෂාවේ යම් අඩුවක් පැවතියද, සැප්තැම්බර් මස අග සිට දිවයින පුරා වැසි තත්ත්වය ක්‍රමයෙන් වැඩිවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ගෝලිය පුරෝකථන දත්ත අනුව ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනට ඇදහැලෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවද ඔහු පැවසීය.
වර්ෂාව පැවතියද දිවයිනට බලපා ඇති උෂ්ණත්වය ඉහළ අගයක් ගනු ඇති බවද විජයමාන්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd