(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයි ද දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අරගලය ඇවිත් දූෂිත දේශපාලකයන්ගෙන් රට ගලවා ගන්නම ඕන යැයි කී සරත් ෆොන්සේකා මහතා අනාගතයේ දී මුළු රටම අරගලයට බැසිය යුතු යැයිද අරගලය කියන වචනය අයින්කර නිරායුධ අහිංසක ජනතා පෙළ ගැස්ම වැනි වචනයක් දැමිය යුතු යැයිද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
රටේ මිනිස්සුන්ට කන්න නැතිනම් අයි.එම්.එෆ් එක තම්බගෙන කන්න දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහතා බිම් මට්ටමට ගිහින් ජනතා ප්‍රශ්න තේරුම්ගත යුතු යැයිද නැතිනම් කැරලි ගැසීම නවත්තන්න නොහැකි යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිත් තනතුර ලැබෙනතුරු මේ පුද්ගලයාට නින්ද යන්නේ නැහැ .... මොන ජඩ කමක් කරලා හෝ එය ලබා ගැනීමයි ඔහුගේ එකම අභිප්‍රාය ... කණගාටුයි, හමුදා පති කෙනෙකු වැටුණු තැන ... !
වයසට ගිහින් මොලේ කුරුවල් වෙච්චි අය දේශපාලනයෙන් ඉවත් කරන්න ඕන කියන එකත් අරගලයේ ඉල්ලීමක්. ඒක මෙයාට හොඳටම වලංගුයි...
මේ මනුස්සයත්, පුතාණෝත් අතර කිසිම වෙනසක් නෑ. මේ වගේ අයටත් අනුගාමිකයින් ඉන්න එකයි පුදුමේ...!
තවත් ආණ්ඩුවට මුට්ටි අල්ලන කෙනෙක් ඉන්නවනේ ලංකාවේ. කවදා ගොඩඒමක්ද?
අනේ අපි නොදන්න සරත් ෆොන්සේකා...! පාඩුවේ ඉන්න මහත්තයෝ, මුලින්ම ඔයා එන්න පළමුපෙළ මරණීය කණ්ඩායම විදියට. ඊට මීටර් 1000ක් පසුපසින් අපි එන්නම්... ඔයා නොදන්නවාද රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා වග දන්නවා ඇතිනේ... එයා ගැන පරණ පිනකට එයාට ලැබුණු මේ වරම කවදාවත් දාලා කලින් යන්නෙත් නැහැ. යවන්නත් බැහැ. උත්සාහ කරලා වැඩකුත් නැහැ. අනික ලංකාවේ කාලකණ්ණි දේශපාලකයින් සේරම අත්අඩංගුවට ගන්න ඕනෑ. ලංකාවට අලුත් නීතියක් ගේන්න ඕනෑ.. මොකද ජනතාව උසි ගන්වන ආකාරයේ කතා කියන මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන හැම කෙනාම අත්අඩංගුවට ගන්න පුළුවන්.. නීති හදන්න ඕනෑ.. නැත්නම් මේක හදන්න බැහැ. ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන්ටද අදාල පරිදි ඒවා හදන්න ඕනෑ. මොකද විපක්ෂයට වැටෙන්න යන හැම කෙනෙක්ම කියන්නේ මේ වගේ කතා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔවුන් අත්අඩංගුවට ගන්න පුළුවන්.. නීති ගේන්නම ඕනෑ...
මේ අයට වුවමනා තම මවුබිම... ගිලෙනවා දකින්නයි. ලැජ්ජයි. මේපාර අරගලයින් පාරට බැහැලා බලන්නකෝ... මොකද වෙන්නේ කියලා..
අපි දැන් හාමතේ, වයසටත් ගිහින්, වලපයයි ගොඩපයයි. වයස නිසා ලොකු බලාපොරොත්තු තියාගන්නත් බැහැ. අරගලවලට බහින්න බැහැ... මොකද මයිනන්ට කියන්නේ ගෝ හෝම් කියලා. ඒ නිසා ඉක්මණට රට ගොඩගන්න ක්‍රමයක් හොයන්න වෙයි. එහෙමත් නැතිනම් උදව් කරන්න වෙයි. කාලය නැහැ...
ගෝඨාභය මහත්තයාට පින්සිදු වන්නට පිනට ලැබුණු හමුදාපතිකම නොවේ නම් අද මොහු කොම්පැනියක සෙකුරිටි ගාඩ් කෙනෙක් මිසක් ඔය කියන විදියේ පුද්ගලයකු නොවනු ඇති. හමුදා නිලධාරීන් දේශපාලනයේ අසාර්ථක නම් මොකටද බලයට එන්න හදන්නේ?
මෙයා බොරුද කිව්වේ?
විපරමා, ෆයිරූස් වගේ මොලේ උඩ වාඩිවෙලා. මෙලෝ රහක් නැහැ. කාටද රෙදි අපුල්ලන්නේ කියලා තේරුමක් නැහැ.
රට ගිණි තබා හෝ බලය අල්ලා ගැනීමේ භයංකාර මනෝ විකාරය...!