IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හැම දේටම විරුද්ධවීම විපක්ෂයේ කාර් ය භාරය නොවිය යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෑම කරුණකටම විරුද්ධ වීම විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය නොවිය යුතු යැයිද රටේ පවතින තත්ත්වයන් ගැන අවධානය යොමුකර සාධනීය ප්‍රතිචාර දැක්වීම වගකිව යුතු විපක්ෂයක කාර්යය භාරය විය යුතු යැයිද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවට සහාය නොදී හැම කරුණකටම විරුද්ධවීමෙන් විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ නියෝජ්‍ය කතානායකවරයා රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ වගකීම මෙන්ම විරුද්ධ පක්ෂයේ වගකීම ගැනද රටේ පොදු මහජනතාව ඉතා හොඳ අවධානයකින් පසුවන බව සඳහන් කළේය.

 



අදහස් (6)

හැම දේටම විරුද්ධවීම විපක්ෂයේ කාර් ය භාරය නොවිය යුතුයි

ravin Thursday, 22 September 2022 08:44 PM

ඒ වගේම විකාර කිරීම ආණ්ඩු පක්ෂයේ කාර්යය නොවිය යුතුය.

:       0       0

Perera Friday, 23 September 2022 12:15 AM

මෙයා කවමදාකවත් විපක්ෂයක ඉඳලා නැද්ද කොහේද?...

:       1       1

Bamunuarachchi Friday, 23 September 2022 05:23 AM

විරුද්ධ වීම හැර වෙනදෙයක් කරන්න ඒ ගොල්ලෝ දන්නේ නැහැ...!

:       1       4

podi mole Friday, 23 September 2022 07:09 AM

ඒවගේම පාර්ලිමේන්තුවේ ගේන හැම විකාර බහුබූත ජනතා විරෝධී පනතකටම වලිගය උස්සගෙන හා කීමත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කාර්යය නොවිය යුතුය.

:       1       1

asanga Friday, 23 September 2022 10:03 AM

මේ රට මේ තත්වයට ඇද දැමුවාට ඔබද අනිවාර්යයෙන්ම වගකිව යුතුයි.

:       0       5

ගමේ එකාලා Friday, 23 September 2022 01:37 PM

පොහොට්ටුවේ ඉන්න බලලෝභී බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන් කියන විදියට වැඩ කරන්න පින් ජනාධිපති කෙනෙක් ඉන්නවා. දූෂිත දේශපාලුවන් කියන කරන දේවල් දැකදැකත් කට වහගෙන ඉන්නද කියන්නේ...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site