(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෑම කරුණකටම විරුද්ධ වීම විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය නොවිය යුතු යැයිද රටේ පවතින තත්ත්වයන් ගැන අවධානය යොමුකර සාධනීය ප්‍රතිචාර දැක්වීම වගකිව යුතු විපක්ෂයක කාර්යය භාරය විය යුතු යැයිද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවට සහාය නොදී හැම කරුණකටම විරුද්ධවීමෙන් විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ නියෝජ්‍ය කතානායකවරයා රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ වගකීම මෙන්ම විරුද්ධ පක්ෂයේ වගකීම ගැනද රටේ පොදු මහජනතාව ඉතා හොඳ අවධානයකින් පසුවන බව සඳහන් කළේය.