(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට  පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ  ප්‍රාග්ධන වියදම් කපා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන බව කී අමාත්‍යවරයා මතුවී තිබෙන අර්බුදය එය බවද සඳහන් කළේය.

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න වත් සල්ලි නැතැයි බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රාජ්‍ය සේවකයන්ගේ මෙවර වැටුප ගෙවන්නේ නැද්දැයි පාර්ලිමේන්තුවේ දී  ඊයේ  විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.