IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අන්තරේ මුදලිගේ අයිතිවාසිකම් පෙත්සමට විරෝධතා ඉල්ලයි

(නිමන්ති රණසිංහ)

නීතියට පටහැනිව රැඳවුම් නියෝග මත රඳවා තබා තබාගෙන තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුලු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) අවසර ලබා දුන්නේය.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු හය දෙනකු නම් කරනු ලැබ ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි සහ එස් . හෂාන් යන අයවලුන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ආරක්ෂක අංශ මඟින් ඉකුත් අගෝස්තු මාසයේදි තමන්ව නීති විරෝධී අයුරින් අත්අඩංගුවට ගෙන ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි රැදවුම්භාරයේ තබා ගෙන ඇතැයි පැමිණිලිකරුවන් සිය පෙත්සම්වල සඳහන් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා උපාධිය හදාරමින් සිටින තමන් ගෝඨා ගෝ ගම අරගල භූමියේ සක්‍රීය අරගල කරුවකු වූ බවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වශයෙන් මෙරට සමාජීය ප්‍රශ්න ගනනාවකටම සක්‍රීයව දායකත්වය දක්වා ඇති බවත් පෙත්සම්කාර වසන්‍ත මුදලිගේ සිය පෙත්සමෙන් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් විභාගයට ගෙන තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සඳහන් කර නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන් බැලීම සඳහා තම පවුලේ ඥාතීන්ට සහ නීතිඥවරුන්ට අවසර ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්න ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්ව්ලින් ඉල්ලා ඇත.

එසේම රැඳවුම් නියෝග අවලංගු කර තමන් මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරවන් සිය පෙත්සම්වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 



අදහස් (0)

අන්තරේ මුදලිගේ අයිතිවාසිකම් පෙත්සමට විරෝධතා ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site