IMG-LOGO

පක්‍ෂ සම්මේලනයේදී ජී.එල්. උඩින් අරිනවා

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා උඩීන් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) පැවසීය.

පොදුජන පෙරමුණ පක්‍ෂයට ව්‍යවස්ථාවක් තිබුණ ද විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද මෙන්ම එවැනි දෙයකට හදිසියක් නොමැති බව කී විමලවීර දිසානායක මහතා ජී. එල්. පීරිස් මහතා සභාපති පුටුවේ තබා කොන්ක්‍රීට් කර නොමැති බව ද සඳහන් කළේය.

පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස කුණාටුවට හසුව කිසියම් ඡන්ද සුළගකට හසුව සිටිය ද ඇදවැවී නොමැති බවත් ජයග්‍රහණයම පතන අය එවැනි අවස්ථාවල පක්‍ෂයේ නොරැදෙන බවත් විමලවීර දිසානායක මහතා කීය.  

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා එසේ පැවසීය. 



අදහස් (9)

පක්‍ෂ සම්මේලනයේදී ජී.එල්. උඩින් අරිනවා

fairoos Thursday, 22 September 2022 06:06 PM

මේ කාලකන්නි රට මේ තත්ත්වෙට පත්කරලා ලැජ්ජා නැතුව තවත් එනව කියවන්ඩ.

:       6       43

Perera Friday, 23 September 2022 12:11 AM

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනා, මේ මාදිලියේ අය නිසා හිතාගන්න පුළුවන් රට ගොඩයන හැටි.

:       0       2

Dasa P Friday, 23 September 2022 07:29 AM

මැයි 09 වැනිදා කට්ටිය බේරෙ වැවට උඩින් ගියා වගේද?

:       0       4

ජගත් ලියනගේ Friday, 23 September 2022 07:36 AM

මහින්ද මහත්තයා එහෙම කියන්න කිව්වැයි...?

:       0       3

ravin Friday, 23 September 2022 08:12 AM

මෙයා අට පාස්ද? ජී. එල්. කියන්නේ නීතිය ගැන දන්න කෙනෙක්. ඔය පක්ෂයේ ව්‍යවස්ථාව හොඳින් කියවලා බලන්නකෝ. මෙයා කොහේ හරි ගැටයක් ගහලා ඇති. නැතිනම් එළවන්න බැහැ කියලා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ.

:       0       3

Sunil Friday, 23 September 2022 08:14 AM

තව සුළු කාලයක් රජකම් කරන්න. ජනතාව ඔවුන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම කාලකණ්ණි ඔබලාව උඩින්ම යවයි. ඔබට හැංගෙන්න තැන් හොයාගන්න.

:       0       3

Senarath Friday, 23 September 2022 09:11 AM

අපිත් මේ ඡන්දයක් එනකම් තමයි බලාගෙන ඉන්නේ. පොහොට්ටුවේ ඔක්කොම ටික යටටම යවන්න. දැක්කනේ 2019 දී පිම්බුණු අලියාට වුණු දේ...

:       0       7

nandana Friday, 23 September 2022 12:22 PM

මෙයා කවුද? මේ අය පත්කරපු අය කවුද?

:       0       1

නිහාල් Friday, 23 September 2022 12:43 PM

මේ වගේ අය පාර්ලිමේන්තු එවන්නේ කවුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site