(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා උඩීන් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) පැවසීය.
පොදුජන පෙරමුණ පක්‍ෂයට ව්‍යවස්ථාවක් තිබුණ ද විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද මෙන්ම එවැනි දෙයකට හදිසියක් නොමැති බව කී විමලවීර දිසානායක මහතා ජී. එල්. පීරිස් මහතා සභාපති පුටුවේ තබා කොන්ක්‍රීට් කර නොමැති බව ද සඳහන් කළේය.
පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස කුණාටුවට හසුව කිසියම් ඡන්ද සුළගකට හසුව සිටිය ද ඇදවැවී නොමැති බවත් ජයග්‍රහණයම පතන අය එවැනි අවස්ථාවල පක්‍ෂයේ නොරැදෙන බවත් විමලවීර දිසානායක මහතා කීය.
බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි රට මේ තත්ත්වෙට පත්කරලා ලැජ්ජා නැතුව තවත් එනව කියවන්ඩ.
පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනා, මේ මාදිලියේ අය නිසා හිතාගන්න පුළුවන් රට ගොඩයන හැටි.
මැයි 09 වැනිදා කට්ටිය බේරෙ වැවට උඩින් ගියා වගේද?
මහින්ද මහත්තයා එහෙම කියන්න කිව්වැයි...?
මෙයා අට පාස්ද? ජී. එල්. කියන්නේ නීතිය ගැන දන්න කෙනෙක්. ඔය පක්ෂයේ ව්‍යවස්ථාව හොඳින් කියවලා බලන්නකෝ. මෙයා කොහේ හරි ගැටයක් ගහලා ඇති. නැතිනම් එළවන්න බැහැ කියලා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ.
තව සුළු කාලයක් රජකම් කරන්න. ජනතාව ඔවුන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම කාලකණ්ණි ඔබලාව උඩින්ම යවයි. ඔබට හැංගෙන්න තැන් හොයාගන්න.
අපිත් මේ ඡන්දයක් එනකම් තමයි බලාගෙන ඉන්නේ. පොහොට්ටුවේ ඔක්කොම ටික යටටම යවන්න. දැක්කනේ 2019 දී පිම්බුණු අලියාට වුණු දේ...
මෙයා කවුද? මේ අය පත්කරපු අය කවුද?
මේ වගේ අය පාර්ලිමේන්තු එවන්නේ කවුද?