(ඩයනා උදයංගනී)
ප්‍රදේශ කිහිපයකට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (23) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ජනතාව අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd