
(ලාල් එස් කුමාර)
කැලණිය ප්‍රදේශයේ පාසල් දරුවන්ගෙන් හතරෙන් එකක් දෛනිකව පාසල් එන්නේ නෑ. ප්‍රධානම ගැටළුව ආහර ප්‍රශ්නය. ඇතැම් දරුවන් උදේ කෑම නැතිනම් එදාට පාසල් එන්නේ නෑ. මේ නිසා පාසල් දරුවන්ගේ පැමිණීම සලකා බලනවිට දරුවන්ගේ පැමිණීම ගැන සතුටු වෙන්න බෑ යැයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සජිවි ලියනගේ මහත්මිය පැවැසුවාය.
වසංගත තත්ත්වය නිසා පසුගිය අවුරුදු තුනක පමණ කාලයේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යම් තරමකගට අඩාල වුණා. යළි ආරම්භ කළත් දරුවන්ගේ පැමිණීම සතුටු වෙන්න බෑ. එක් පාසලක් තියෙනවා සමස්ථ දරුවන්ගේ සියයට 52කයි දරුවන් පාසලට එන්නේ. මේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව මගහරිලා. සාමාන්‍යයෙන් බලන විට දරුවන්ගේ පැමිණීම සියයට 25කින් අඩුවෙලා යැයි ද ඇය කිවාය
කැලණිය,කිරිබත්ගො, හුණුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පූර්ණ දායකත්වයෙන් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් පැවැති වැඩසටහනකදී කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාව මේ බව කීවාය.
තෝරාගත් දරුවන් 750කට සතියකට දින දෙකක් බත්,පරිප්පු,පොල්සම්බල,බිත්තර, කඩල ආදියෙන් සමන්විත පෝෂ්‍යදායි ආහාර වේලක් මෙමගින් පිරිනැමීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘කැලණියේ දරුවන්ගෙන් සියයට 25ක් පාසල් එන්නේ නෑ‘‘
fairoos Thursday, 22 September 2022 06:42 PM
ප්‍රසන්න රණතුංග මේකට මොනවා කියයිද මන්දා?
chandima Thursday, 22 September 2022 10:09 PM
ළමයිනේ, ඉස්කෝලේ නොගිහින් ඔබලා අර මර්වින් වගේ වෙන්නද යන්නේ?
Perera Friday, 23 September 2022 09:47 AM
පාර්ලිමේන්තුවෙත් 25%ක් එන්නේ නැහැ...
dhamneth Friday, 23 September 2022 10:44 AM
නාගලොවින් ආහාර ගෙන්නගන්න පුළුවන් නේද කැලණියට..?