IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි සබ්රි - ජෝ බයිඩන් හමු වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ උත්සවය අතර තුර විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ ජෝ බයිඩන් අතර හමුවක් සිදු විය.

ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ද එම අවස්ථාවට එක් වූවාය.

එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩලය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එම භෝජන සංග්‍රහයට සහභාගී වීමෙන්  අනතුරුව  ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හා ජිල් බයිඩන් සමග සමූහ ඡායාරූපයකට ද එක් වූහ.

 

 



අදහස් (5)

අලි සබ්රි - ජෝ බයිඩන් හමු වේ

Upali Friday, 23 September 2022 08:10 AM

ඔබට සුබපැතුම් ඇමැතිතුමනි. ඔබ දක්ෂයි. රටට යහපතක් කරන්න...

:       2       7

Hafeel Friday, 23 September 2022 01:46 PM

ඔව් මෙම දක්ෂ අලි සබ්රි තමයි... කිසිම දේශපාලන දැනුමක් නැති ගෝඨාභයව බලයට ගේන්න පුරෝගාමියෙක් වුණා. තවද රටට හෝ ජනතාවට හෝ කිසිම ප්‍රයෝජනයක් වත් නැති අසීමිත බලතල සහිත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නත් පුරෝගාමියෙක් වුණෙත්. ජී.එල්. පීරිසුත් මෙයා හා සමානයි. ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමැතිත් වුණා. මේ අලි සබ්රිත් කියා තිබුණා 2020 මුල ඉඳන් ඔහු කිව්වලු IMF යන්න ප්‍රමාද කරන්න එපැයි කියලා. එහෙම කියලත් ඔහු 2020, 2021 සහ 2022 අයවැය වලට අත ඉස්සුවා. මෙවැනි අයටද කියන්නේ දක්ෂයි කියලා...?

:       1       6

sl Friday, 23 September 2022 08:20 AM

සබ්රි වගේ දෙයක් පැහැදිලි කරන්න පුළුවන්..., පැහැදිලි කරලා කතා කරන්න පුළුවන්.. ජෙනුයින් වැඩ කාරයින් ටිකක් පාර්ලිමේන්තුවේ හිටියා නම්...!

:       3       7

Hafeel Friday, 23 September 2022 01:48 PM

කුඩා දරුවන් ගන්න වගේ මෙයාත් බයිඩන් ජනාධිපති එක්ක පින්තූර අරන් තියෙන්නේ...!

:       1       4

ganegoda Friday, 23 September 2022 03:06 PM

කෙළින් කතාකරන අවංක පුද්ගලයෙක්...! ඒත් ජනාධිපති බයිඩන් එහෙම නැහැනේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site