(නිමල කොඩිතුවක්කු)
ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය තුළින් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමුකරවිය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
විදුලි ගාස්තු හතර ගුණයකින් වැඩි කිරීම නිසා බොහෝ ආගමික මධ්‍යස්ථාන විශාල අපහසුතාවයකට පත්ව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා සඳහන් කරයි. එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.
"එමෙන්ම අනෙකුත් පාරිභෝගික බිල්පත් සදහා හතර ගුණයක් වැනි අසාමාන්‍ය වැඩි වීම් වලට යටත් නොවන විට ආගමික ස්ථානවලට පමණක් මෙසේ ගාස්තු වැඩි වන්නේ මන්ද යන්න ගැනද බලධාරීන් විසින් සොයා බැලිය යුතුව ඇත.
ජනසමාජය ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කරන හා සමාජීය වශයෙන් විශාල සේවාවන් ඉටුකරන ආගමික මධ්‍යස්ථානවලට සහනයක් සැළසෙන පරිදි විකල්ප ක්‍රියාමාර්ගයන් හදුන්වාදෙමින් අවශ්‍ය මගපෙන්වීම් හා ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි. එහිදී රජයටත් ජනතාවටත් බරක් නොවන අන්දමට සෑම ආගමික මධ්‍යස්ථානයකම සූර්යයපැනල මඟින් (සෝලා) විදුලිය ලබාදීමට හැකි බව එම ක්ෂේත්‍රයේ වියතුන් විසින් දැනටමත් පෙන්වාදී තිබේ.
මෙම යෝජනාව අප විසින් දීර්ඝ ලෙස අධ්‍යයනය කළ අතර විදුලි ඉංජිනේරු මතය වූයේ ද මෙරට පිහිටි බොහෝ පන්සල් කෝවිල් පල්ලි ආදී ස්ථානවලට සූර්යය පැනල මඟින් විදුලිය ලබා දිය හැකි බවයි. එහිදී අප තවදුරටත් රජයට යෝජනා කළේ මහජන මුදල් භාවිතා කරනවා වෙනුවට මේ සඳහා අන්තර්ජාතික ප්‍රදාන හා දැනට ක්‍රියාත්මක අනෙකුත් පරිසර ආධාර ක්‍රම යටතේ මෙම යෝජනා ක්‍රමය දියත් කළ හැකි බවයි.
අප විසින් ඒ පිළිබදව මේවන විටත් ජනාධිපතිතුමා, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැතිතුමා හා විදුලිබල මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇත. බුද්ධශාසන අමාත්‍යතුමන් මෙහිදී වැදගත් පියවර කිහිපයක් ගෙන ඇති බවත්, ජනාධිපතිතුමන් විසින් මෙහි අවශ්‍යතාවය වටහාගෙන ඇති බවටත් එහිදී අපව දැණුවත් කර තිබේ. ඒ අනුව එකී අවධානය නොපමාවම ප්‍රායෝගිකව ක්‍රියාවට නගනු ඇතයි අප තරයේම අපේක්ෂා කරන්නෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික සිද්ධස්ථාන උදේ 4 සිට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු කරන නිසා ජනතාව විශාල අපහසුතාවකට පත්වෙනවා. මේවා නවත්වලා දමන්න. එවිට විදුලියත් ඉතිරිවෙනවා.
රටේ මනුස්සයෝ හාමතේ ගිය ගිය තැන මැරිලා වැටෙනව. දරු දැරියෝ පාසල්වල හාමතේ වැටෙනවා. දරුවෙකුට පොතක් පතක් කියවන්න ගෙවල්වල විදුලිය නැහැ. ඒත් පූජකයෝ ඩිෆෙන්ඩර්වලින් යන ගමන් බිමන් යමින් රටෙන්, රජයෙන්, ජනතාවගෙන් යැපෙන්න පොරකනවා.
ප්‍රීපේඩ් ස්මාට් විදුලි මීටර් සවිකලානම් මේ අවුල ලිහාගන්න පුළුවන්.
ආර්ථික අර්බුදයකට හේතුව තමයි පිනට දීම.. මේවා නැති රටවල්වල ආර්ථික ප්‍රශ්න අඩුයි.