IMG-LOGO

බැංකු පොලිය දරාගන්න බෑ සිපෙට්කෝ පිරවුම්හල් හාන්සි

(යොහාන් භාසුර)

ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සහ ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (23) පෙරවරුවේ පැවසීය.

බැංකු ආයිරා සඳහා අය කරන පොලිය සියයට 34 ක් දක්වා ඉහළ දමා ඇති බව ඒ මහතා සඳහන් කළේය.

සිපෙට්කෝ පිරවුම්හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීමත් කිව්.ආර්. කේතයට බස් රථ, ලොරි රථ සහ වෙනත් ඉන්ධන අවශ්‍යතා සදහා නිකුත්කිරිමට සංස්ථාව තවමත් අපොහොසත්වීම නිසා පිරවුම්හල් තව දුරටත් අපහසුතාවට පත්ව ඇති බව ද නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (4)

බැංකු පොලිය දරාගන්න බෑ සිපෙට්කෝ පිරවුම්හල් හාන්සි

Harshana Friday, 23 September 2022 12:10 PM

මිනිස්සු ණයට තෙල් ගහන්නේ නෑ. ඒ සල්ලි වලින් ගෙවන්න.

:       1       18

Hafeel Friday, 23 September 2022 01:09 PM

ඇත්තමයි. පිරවුම්හල් අයිතිකරුවන් මුදලට ඉන්ධන විකුණනවා මිස ණයට නොවේ. එහෙම නම් ඇයි බැංකුවලින් ණය ගන්න ඕනේ...? රටේ බොහෝ පිරවුම්හල් අයිති දේශපාලුවන්ට. රටේ තිබෙන බොහෝ පිරවුම්හල්, මත්පැන් සල්, පුද්ගලික බස් පේමන්ට්, ඉදිකිරීම් කොන්තරාත්තු සහ ලෝකේ තිබන ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල් සේරම ආක්‍රමණය කරගෙන ඉන්නේ මේ රටේ දේශපාලකයින්... නමුත් ඔවුන් කියන්නේ ඔවුන් ජනතා සේවයට ඇවිත් ඉන්නේ කියලා...

:       1       16

de silva Friday, 23 September 2022 01:26 PM

කරන්න බැරිනම්, කරන්න පුලුවන් කෙනෙකුට විකුණලා දමන්න. බොහෝ ව්‍යාපාර වලදී වෙළෙන්දෝ මුදල් ගෙවලා, බඩු මිලදී අරන් විකුණලා තමයි ලාබ ගන්නේ. සමහර ව්‍යාපාරවල භාණ්ඩ මාස කීපයක් විකුණාගන්න බැරිව බලන් ඉන්නවා. ඩීසල්, පෙට්‍රල් එහෙම නොවේ. දවසක් දෙකක් යනකොට බඩු ඉබේම විකිණෙනවා. ලාබද ලැබෙනවා.

:       0       15

de silva Friday, 23 September 2022 02:09 PM

රටේ තියෙන ඉන්ධනහල් බොහොමයක්ම අයත්වෙන්නේ කෝටිපති දේශපාලකයන්ට... පසුගිය කාලේ ඉන්ධන මිල වැඩිවෙනකොට ඔවුන් හොඳ හැටි ලාබ ලැබුවා. ඔය ඉන්ධන හල්වලට ආණ්ඩුව මගින් බලපත්‍ර දෙන කර්මය නවත්වලා රටේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට, ඉන්ධනහලක් දේශපාලන අධිකාරියේ අවසරයකින් තොරව ඉදිකරගන්න පුළුවන් ආකාරයට නීති සකස් කරන්න.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 514 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 694 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site