(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව පැය දෙකයි මිනිත්තු 20 ක් දක්වා ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවසීය.
ඒ අනුව හෙට (23) සිට 25 වැනිදා දක්වා දින තුනේ දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.
විදුලි බලාගාර දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන නොමැති වීමත්, විදුලි ඉල්ලුම හදිසියේ ඉහළ යාම හේතුවෙන් මෙසේ විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදු වූ බව රත්නායක මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් රනිල් ආවාම නිසිකලට නිසි වැසි වහිනවා කිව්වා නේද?