IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි

(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා අද හෙටම ගල්අඟුරු ආනයනය නොකළ හොත් පැය 10 ක හෝ 12 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවසීය.

රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 250,000 ක සංචිතය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් ප්‍රමාණවත් බව කී රත්නායක මහතා නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 5000 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.

ගල්අඟුරු නොමැතිවුවහොත් මෙගාවොට් 900 ක විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන බවත් ගල්අඟුරුවලින් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 35 ක් පමණ ජනනය කරන බවත් රත්නායක මහතා කීය.

ගල්අඟුරු ටෙන්ඩරය අඩු ලන්සුව ඉදිරිපත් කළ ආයතනයට ප්‍රදානය කළත් ඒ පිළිබඳව වෙනත් ආයතනයක් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටීම නිසා ටෙන්ඩර ලැබූ සමාගම ගල්අඟුරු සැපයුම ප්‍රතික්ෂේප කිරීමෙන් තත්වය බරපතළ වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම තත්වයෙන් ගැලවීමට නම් සෑම දින පහකට වරක්ම ගල්අඟුරු නැවක් ගෙනඒමට ඩොලර් මිලියන 21 ක් බැගින් අවශ්‍ය බව කී රත්නායක මහතා සඳහන් කළේ පසුගිය වසරේ කළ ඇනවුම් 19 අත්පිට මුදලට මිලදී ගැනීම ගැටලුව එකම විසඳුම බවයි.

 
 



අදහස් (5)

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි

තලාවේ රාලහමි Thursday, 22 September 2022 09:05 PM

ඔය ගල්අඟුරු බලාගාර චීනයටම දෙන්න පුළුවන්ද බලන්න...? එතකොට චීනය ගල් අඟුරු ගැන බලාගනිවි. ඔවුන්ගෙන් විදුලිබල මණ්ඩලයට විදුලිය මිලදී ගන්න. හරිම සිම්පල්...!

:       0       2

pakeer Thursday, 22 September 2022 10:18 PM

මට පුදුම මෙච්චර වෙලත් ඇයි තාමත් පාලකයෝ නිෂ්පාදනයන් කෙරෙහි කිසිම අදහසක් නැති එක...

:       0       1

Kilo WATT Friday, 23 September 2022 12:36 AM

ගොඩක් පන්සල්වල සුපිරි සැප, අති නවීන වාහන, වායු සමීකරණ, ඕඩියෝ, වීඩියෝ, පරිගණක, පියෝ ටීවී හා තවත් දේ එමටයි. දේපළ බදුදීලා. අමතරව ටියුෂන් කඩ. අධික විදුලියක් භාවිතා කරන පන්සල් වලින් ඔවුන් භාවිතා කරන උපකරණ ගැන වාර්තාවක් ලබාගත යුතුයි. මෙන්න ඇත්ත... ගණන් හදලා බලන්න පේරාදෙණිය කිට්ටුව නුවරට යන පාරේ තියෙන ප්‍රසිද්ධ පන්සලක් පහුකරලා දිනකට යන වාහන සංඛ්‍යාව... රුපියලක් ඒ පින්කැටේට වැටුණොත් දිනකට අවම රු ලක්‍ෂයක් ලැබේ. ඒ වගේම අනුරාධපුරයට යන පාරේ තියෙන පන්සල..! තව ඒවාගේ පන්සල් තියෙනවා...! පස් නමක් ඉන්න පන්සලක කිලෝ වොට් 8500 මසකට පාවිච්චි කරනවා කියලා මාධ්‍යයක ප්‍රචාරය වුණා..! ඒ කියන්නේ දිනකට කිලෝ වොට් 280 ක්...! ඔය කියන පන්සලේ පාන් පුච්චනවා වෙන්න බැයිද? දේශපාලඥයින්ගේ විදුලි බිල ගෙව්වේ අදටත් ගෙවන්නේ කවුද..? දුක් විඳින මහජනයායි..! සමහර දේශපාලඥයින්ගේ බල්ලා නිදන කාමරයටත් වායු සමීකරණ දාල මුලු රැයේම...!

:       0       2

චන්න ජිනදාස Friday, 23 September 2022 06:37 AM

පැය 24 ම ලයිට් කැපුවත් කමක් නෑ අපට නම්... ඒත් වෙහෙර විහාරස්ථාන, පල්ලි, කෝවිල්, දේවස්ථාන අඳුරේ තබන්න එපා.. ඒ ආශිර්වාදයෙන් තමයි මේ රට දියුණු වෙන්නේ...

:       3       1

ganegoda Friday, 23 September 2022 12:35 PM

තව ටික දිනකින් සිද්ද වෙන්න තියෙන දේවල් බුදුන්ට, දෙවියන්ට වත් වැළැක්විය නොහැකියි. මනුස්සයින්ට, ආගමට, භක්තියට දෙන්න දෙයක් නැති වුණාම. පන්සල්, පල්ලි, කෝවිල් අපිටත් ඉස්සෙල්ලා අපේ දෙපාමුල මියැදී ගරාවැටිලා විනාශයට පත්වෙනවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site