(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය.
පනත් කෙටුම්පතේ 3(2) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැලපෙන බවත් එය සම්මත කළ හැක්කේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ විශේෂ බහුතරයෙන් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වන්නේ යැයි කතානායකවරයා පැවසුවේය.
පනත් කෙටුම්පතේ 7 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) වගන්තිවලට නොගැලපෙන බවත් 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කළ හැකි බවත් එහි සඳහන් වේ.
එසේම තවත් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතුය යනුවෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ.
මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට නොගැලපෙන බවද සඳහන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඛනිජ තෙල් පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි